ඉරාන ජනාධිපති අවසන් කටයුතු අද සවස

96

ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ ජනාධිපතිවරයා උපන් මෂාද් ශුද්ධ නගරයේදී පැවැත්වීමට නියමිතය.

ජීවිතක්ෂයට පත් ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර් අබ්දෙල්ලාහියාන් ඇතුළු පිරිසගේ දේහයන් ටෙහෙරානයේ ආසාදී චතුරස්‍රය වෙත ඊයේ පස්වරුවේ රැගෙන ගොස් තිබුණි.

මියගිය ඉරාන ජනාධිපති ඇතුළු පිරිසට අවසන් ගෞරව දැක්වීමට රටවල් 68ක නායකයින් එක්ව සිටිති.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ද ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ජනාධිපතිවරයාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමට එක්විය.

advertistmentadvertistment
advertistmentadvertistment