දඩුගංඔය ඉවුරේ මළ සිරුරේ තොරතුරු

828

සීදූව බෙල්ලානවත්ත, කිඳිගොඩ ප්‍රදේශයේ දඬුගංඔයේ ඉවුරට නාඳුනන මළ සිරුරක් ගොඩගසා ඇති බවට සීදූව පොලීසියට ඊයේ හදිසි ඇමතුම් අංක 119 වෙත ලැබුණු පණිවිඩයට අනුව ගමන් මල්ලක තිබී සොයා ගත් පුද්ගල මළසිරුර සම්බන්ධයෙන් මේ විට සිදු කළ පරීක්ෂණ අනුව තොරතුරු රැසක් අනාවරණය වී ඇත.පොලිස් මාධ්‍ය අංශය පවසන්නේ, මෙම මළ සිරුර දමා ඇත්තේ නිල් පැහැති ගමන් බෑගයක් තුළ බවය. එය දින කිහිපයකට පෙර මියගිය පුද්ගලයකුගේ බවත්ය.ඒ අනුව මෙම මරණකරු වයස අවුරුදු 35ත් 40ත් අතර පමණ වයසැති උස අඩි 05යි අඟල් 08ක් වන සාමාන්‍ය සිරුරක් සහිත හිසකෙස් අඟල් 02ක් පමණ දිග පිරිමි පුද්ගලයෙකු වන බව පොලීසිය පවසයි.එමෙන්ම ඔහු රතු පැහැති කමිසයක් සහ දුඹුරු පැහැති දිග කලිසමක් හැඳ සිටි බව සඳහන්ය.මරණකරුගේ ගෙලෙහි දකුණු පස තරු සලකුණු 07ක් සහිත පච්චයක් කොටා ඇති බවත් හිස දෙපස හා නිකටෙහි තුවාල සලකුණු දක්නට ඇති බවත් පොලීසිය සිදු කළ පරීක්ෂණවල දී සෙයාගෙන ඇත.මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. සීදූව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment