බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට සිසුන් බඳවා ගැනේ

336

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 2023/ 2024 අධ්‍යයන වර්ෂයට අදාළ ව ශාස්ත්‍රෙව්දී (අභ්‍යන්තර) උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා 2021, 2022 වර්ෂවල පැවති අපොස උසස් පෙළ විභාගයට සහ ප්‍රාචීන මධ්‍යම විභාගයට පෙනී සිටි සුදුසුකම් සපුරා ඇති වයස අවුරුදු 28ට අඩු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගෙන් මෙන් ම ගිහි පිරිමි සිසුන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. 2023. 10. 10 දින දක්වා අයදුම්පත් භාරගනු ලබන අතර එදිනට පෙර සම්පූර්ණ කරන ලද අයදුම්පත් සහකාර ලේඛකාධිකාරී (අධ්‍යයන හා ශිෂ්‍ය සේවා), ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, ගුරුළුගෝමී මාවත, පිටිපන උතුර, හෝමාගම යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුයි. අයදුම්පත හා අදාළ විස්තර www.bpu.ac.lk යන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය වෙබ් අඩවිය වෙත ප්‍රවේශ වීම මගින් ලබාගත හැකි ය. 011-2857786 හා 011-2891104 යන දුරකථන අංක විමසා වැඩිදුරටත් විස්තර ලබාගත හැකියි.

advertistmentadvertistment
advertistmentadvertistment