සෞඛ්‍ය සේවක විරෝධතාවක්

290

සාකච්ඡා මඟින් තම ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේනම් පෙබරවාරි මස 01වැනිදා සිට වර්ජන ක්‍රියාමාර්ගවලට එළඹෙන බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසයි.සෞඛ්‍ය සේවකයින්ට දීමනා ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් ගතව සිට යළි මෙරටට පැමිණි විගස සාකච්ඡාවක් ලබාදෙන බවට ප්‍රකාශ කළ ද එය මේ දක්වාත් ලබා දී නොමැති බව ද එම වෘත්තිය සමිති සදහන් කරයි.මේ හේතුවෙන් අද දහවල් කොළඹ අවට පිහිටි රෝහල් ඉදිරිපිට විරෝධතා ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට ද වෘත්තීය සමිති පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment