නන්දාවතී අක්කා දුම්මැස්ස ගාව හිරවී මාව බේරගන්න කියලා මර හඬ දුන්නා

885

පස්වලට යටව සිටි පියා සහ පුතාගේ මළ සිරුරු හමුදාව විසින් සොයාගත් අවස්ථාව

රණසිංහ අයියලාගේ ගේ තිබෙන තැනවත් හොයා ගන්න බැරි වුණා

‘‘රණසිංහ අයියා එදා හවස 5.00ට විතර කඬේ ළ`ගදි කිව්වා, මේ දවස්වල වහින හින්දා නාය යයිද දන්නේ නෑ කියලා’’ එදාට පහුවෙනිදා අළුයම 4.20ට විතර සද්දයක් අහුණා, රණසිංහ අයියලාගේ ගෙවල් පැත්තෙන්. මම විදුලි පන්දම අරගෙන ගිහින් බලන විට රණසිංහ අයියලාගේ ගේ තිබුණු තැනවත්

හොයාගන්න තිබුණේ නැහැ යයි පෙරේදා (10) අළුයම ගලිගමුව දේවාලේගම සිදුවූ නාය යෑමේ සිද්ධිය ගැන අසල්වාසී 58 හැවිරිදි රංජිත් රත්නායක මහතා පැවසීය.

මෙම හදිසි අනතුර හේතුවෙන් නිවසේ සිටි පියා සහ පුතා ජීවිතක්ෂයට පත්වී කාන්තාවක් බරපතළ තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබුණි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පුස්සැල්ල ප‍්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි ඩබ්ලියු. ආර්. රණසිංහ සහ 33 හැවිරිදි දමිත් කුමාර රණසිංහ නැමැති තරුණයෙකි. අනතුරින් දිවි ගලවාගෙන ඇත්තේ 67 හැවිරිදි සී. එම්. නන්දාවතී නැමැති කාන්තාවකි.

නන්දාවතී අක්කා දුම්මැස්ස ගාව හිරවී මාව බේරගන්න කියලා මර හඬ දුන්නා
මියගිය දමිත් කුමාර රණසිංහ

පුස්සැල්ල ප‍්‍රදේශයේ කන්දක් පාමුල තිබුණු නිවෙස මතට පස් කන්දක් කඩා වැටී නිවෙස සම්පූර්ණයෙන්ම යටවී තිබුණි. මියගොස් සිටින රණසිංහ මහතාට සහ බරපතළ තුවාල ලබා සිටින නන්දාවතී මහත්මියට දරුවන් තිදෙනෙකි. මියගිය අවිවාහක තරුණයා රැකියාවක් නොකරන අතර පියා සමග කුඹුරු ගොවිතැන් කටයුතුවල නිරතව සිටි අයෙකි. බරපතළ තුවාල ලබා සිටි කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කෑගල්ල රෝහලේ හදිසි මරණ පරීක්ෂක රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය සහ දේවාලේගම පොලිසියේ පොලිස් සැරයන් සෙනෙවිරත්න (48587* යන නිලධාරියාගේ උපදෙස් අනුව අතුරුදන්ව සිටි පියා සහ පුතා ප‍්‍රදේශයේ ජනතාවගේ මෙන්ම 611 වැනි බල සේනාවට අයත් 8 වැනි සිංහ රෙජිමේන්තුවේ සෙබළුන් විසින් බැකෝ යන්ත‍්‍රයක් උපයෝගී කර ගනිමින් සොයමින් සිටියදී දහවල් 12 පමණ වන විට සොයා ගැණිනි. පසුව මෘත දේහ කෑගල්ල මහ රෝහල වෙත රැගෙන යන ලදි.

රංජිත් රත්නායක මහතා තවදුරටත් කතා කරමින්, රණසිංහ පවුල ගමේ කා අතරත් හොඳ හිත දිනා ගනිමින් ජීවත් වෙමින් සිටියා. එදා ? මම නිදාගෙන ඉන්න කොට අපේ අම්මා ඇවිත් කිව්වා සද්දයක් ඇහුණා පොඞ්ඩක් එළියට ගිහින් බලන්න කියලා. මම විදුලි පන්දමත් අරගෙන ගිහින් බලන කොට රණසිංහ අයියලාගේ ගේ තිබුණු තැනවත් හොයාගනන්න තිබුණේ නැහැ.

මට එයාලගේ රබර් ෂිට් වේලන දුම් කාමරය පැත්තෙන් අනේ මාව බේරා ගන්න කියලා නන්දාවතී අක්කා කෑ ගහනවා ඇහුණා. මම බොහොම අමාරුවෙන් එතැනට ගිහින් බලන කොට නන්දාවතී අක්කා දුම්මැස්ස ළඟ හිරවෙලා හිටියා. මම ළඟ හිටිය සමන් කුමාරත් එක්ක එකතු වෙලා බොහොම අමාරුවෙන් නන්නදාවතී අක්කාව ගොඩට ගත්තා.

කොටියාකුඹුර – රම්‍යපාල, පිංතූර – එම්. පහළවත්ත – කෑගල්ල

advertistmentadvertistment
advertistmentadvertistment