මල්ලී බේරගන්න ගිය අයියා සැඩ පහරට හසුවී මරුට

126

මෙතැන 26 දෙනෙක් ගහගෙන ගිය තැනක්- එම්. ඒ. ටී. කුමාර
එක පාරක් හතර දෙනෙක් ගිහිල්ල මැරිලමයි ගොඩ ගැහුවෙ- රේණුකා ප්‍රියදර්ශනී

අහංගම කන්ද ආසන්නයේ පිහිටි වැලිතලාව සහිත වෙරළ සුන්දර මුහුදු තීරයකි. ගිනි මද්දහනේ මෙම වෙරළ තීරයට පැමිණි අමුත්තන් කීප දෙනෙක් සිය දිවා ආහාරය සකස් කරන අතර එතැන සිටි බාලයා වූ සමීර සඳරුවන් මුහුදට බැස දිය නා තිබේ.

එහිදී වෙරළ තීරයේ සිටි ජනිත් චතුරංග එකවරම දුටුවේ සිය සහෝදරයා මුහුදේ දිය වැලකට හසුවීමෙන් ගසාගෙන යන අයුරුය. ක්ෂණිකව ක්‍රියාත්මක වූ ඔහු මුහුදට පැන්නේ සිය ජීවිතයද නොතකා තම සහෝදරයා බේරා ගැනීමේ අරමුණෙනි.

එහෙත් ඔහුද සැඩපහරට හසුවී තිබේ.

මුහුදු රළ පහරට මුලින් හසුවූ සමීර සඳරුවන් තව දුරටත් ජීවත් වීමට වාසනාවන්ත බව නිසාම ඔහු දුරට ගෙන ගිය සැඩ පහරින්ම ගොඩබිමට ගෙනැවිත් දමා ඇත. එහෙත් සිය බාල සොහොයුරා බේරා ගැනීමට ගොස් සැඩපහරට හසුවූ ජනිත් චතුරංග ගසාගෙන ගොස් ඇත. පෙරේදා (25 දා) කොළඹ, රාගම ප්‍රදේශයේ සිට සිය ව්‍යාපාර කටයුතු අවසන් වී මොරවක, වරල්ල, මහවත්ත පිහිටි සිය නිවෙස බලා තම සොහොයුරා සහ නෑනන්ඩිය ද සමග කුලී පදනම යටතේ ලබාගත් වාහනයකින් යන අතර අහංගම කන්ද ප්‍රදේශයේ දී එම ස්ථානයට පැමිණ තිබේ. මෙහිදී වෙරළේ ගසක් යට ආහාර පිළියෙල කරන අතරතුර සවස 1.30 ට පමණ මෙම අවාසනාවන්ත සිද්ධියට ඔවුන් මුහුණපා ඇත.

මෙම ස්ථානය පිළිබඳ ප්‍රදේශවාසීහු මෙලෙස පැවසූහ. ඒ. එම්. ටී. කුමාර මහතා –

මීට කලින් මෙතන 26 දෙනෙක් මේ විදියට ගහගෙන ගිහින් තිබෙනවා. ‘නාන්න එපා’ කියල ගහපු බෝඩ් එකත් දැන් පේන්න නැහැ. කණුව විතරක් තිබෙනවා. නාන්නෙ නැහැ කියල මෙතෙන්ට ආවට ගොඩක් අය නිකම්ම වතුරට බහිනවා. කිමිදුම් කරුවෙකුටවත් ගිහිල්ල බලන්න තරම්වත් බැහැ. ඒ තරමට රළ සැරයි.

රේණුකා ප්‍රියදර්ශනී මහත්මිය –

මේ සිද්ධිය වෙනකොට එකහමාර විතර ඇති. එක පාරක් හතර දෙනෙක් ගිහිල්ල මැරිලම ගොඩ ගැහුවෙ. මේක භයානක තැනක්.සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
මාතර අතිරේක – ලලිත් පත්මසිරි

advertistmentadvertistment
advertistmentadvertistment