ලක්‍ෂ අටක හෙරොයින් සමග පොලිස් කොස්තාපල් මාට්ටු

141

වසර කිහිපයකට පෙර පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ (නාකොටික්) සේවය කළ වර්තමානයේ නොරොච්චෝල පොලිස්ථානයේ සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු රුපියල් ලක්ෂ අටක් වටිනා හෙරොයින් ග‍්‍රෑම්ස් 54ක් සමග කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් විසින් පුත්තලම රෝහලේ රථගාල තුළදී 22 වැනිදා සවස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නොරෝච්චෝලෙ පොලිස්ථානයේ ආපන ශාලාව භාරව සිටි පොලිස් කොස්තාපල්වරයෙකි. ඔහු ආණමඩුව මහඋස්වැව ප‍්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි විවාහකයෙකි.

මෙම පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධව ලැබී තිබු පැමිණිලි මත කල්පිටිය පොලිස්ථානාධිපතිවරයා ඇතුළු කල්පිටිය පොලිස් විශේෂ කාර්යාංශ නිලධාරින් විසින් පුත්තලම මූලික රෝහලේ රථ ගාල තුළදී සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමට කටයුතු කර තිබිණි. එහිදී ඇඳ සිටි කලිසමේ සූක්ෂම ලෙස සඟවා තිබූ රුපියල් ලක්ෂ අටකට ආසන්න හෙරෝයින් ග‍්‍රෑම් 54 යි මිලි ග‍්‍රෑම් 700 ක් සොයාගැනීමට හැකි වී තිබේ.

දිගින් දිගටම මෙම පොලිස් කොස්තාපල්වරයාට එල්ල වූ චෝදනා සම්බන්ධව පොලිස් බුද්ධි අංශ දිර්ඝ විමර්ශනය කරමින් සිටින අතරතුර කල්පිටිය පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයා හා පොලිස් විශේෂ කාර්යාංශ නිලධාරීන් එක්ව පොලිස් කොස්තාපල්වරයා හෙරෝයින් සමග අත් අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. අත්අඩංගුවට පත් පොලිස් කොස්තාපල්වරයා පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අමරනන්ද විජේසේකර – මහවැව
 

advertistmentadvertistment
advertistmentadvertistment