නල්ලූර් කන්දසාමී කෝවිලේ මංගල්‍යය නවත්වන්න පොලිසියෙන් 300ක් – මංගල්‍යය ජනතා සහභාගීත්වයෙන් තොරව පවත්වයි

272

යාපනය නල්ලූර් කන්දසාමී කෝවිලේ පැවැත්වෙන වාර්ෂික මංගල්ලයේ රථ ඇදීමේ උත්සවයට අධික බැතිමතුන් පිරිසක් සෞඛ්‍ය නීති රීති නොතකා සහභාගී වීමට ගත් උත්සාහයක් නිසා පොලිස් නිලධාරීන් 300ක් පමණ යොදවා බැතිමතුන් එම  අවස්ථාවට සහභාගී වීම 5 දා වළක්වාලූහ. මේනිසා නල්ලූර් කෝවිලේ මංගල්ලය ජනතා සහභාගිත්වයෙන් තොරව කුරුක්කල්වරු විසින් පවත්වන ලද පූජාවකට පමණක් සීමා විණි.

නල්ලූර් කන්දසාමී කෝවිලේ මංගල්‍යය නවත්වන්න පොලිසියෙන් 300ක් - මංගල්‍යය ජනතා සහභාගීත්වයෙන් තොරව පවත්වයි

කෝවිලේ මංගල්ලයට සහභාගීවීම සඳහා විශාල පිරිසක් පැමිණි අවස්ථාවේදී පොලීසිය ඔවුන්ට අවවාද කළත් එම අවවාද නොතකා කෝවිලට ඇතුලූ වීමට උත්සහ කළ අවස්ථාවේදී පොලිසිය බස් රථ හා නිලධාරීන් යොදා කෝවිලට ඇතුලූවිය හැකි සියලූම ගේට්ටු වසා අවහිර කිරීම නිසා කිසිදු අයෙකුට කෝවිල තුළට ඇතුළුමට නොහැකි විය.

නල්ලූර් කන්දසාමී කෝවිලේ මංගල්‍යය නවත්වන්න පොලිසියෙන් 300ක් - මංගල්‍යය ජනතා සහභාගීත්වයෙන් තොරව පවත්වයි

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment