රනිලුත් එන්නත ගත්තේ හමුදා රෝහලෙන් – යුද හමුදාපති

163

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා යුද හමුදා සෞඛ්‍ය අංශ මගින් සිදු කරන එන්නත්කරණ වැඩපිළිවෙළ විවේචනය කළද ඔහු ද සිය එන්නත ලබා ගත්තේ නාරාහේන්පිට පිහිටි යුද හමුදා මූලික රෝහලෙන් බව ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

අද දවසේ යුද හමුදාව ප‍්‍රධාන ති‍්‍රවිධ හමුදාවන් මගින් සිදු කරනු ලබන එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබ`ද රටේ ජනතාව විශාල ලෙස ප‍්‍රසාදය පළ කරන බව කී යුද හමුදාපතිවරයා රනිල් වික‍්‍රමසිංහ මහතාගේ විවේචනය එක් පුද්ගලයකුගේ විවේචනයක් පමණක් බවද ස`දහන් කළේය.

යුද හමුදා සෞඛ්‍ය අංශ මගින් කි‍්‍රයාත්මක කළ එන්නත්කරණ මධ්‍යස්ථානයකදී එන්නත ලබා ගත් ඒ මහතා ජනතාව යුද හමුදාවෙන් එන්නත ලබා ගැනීම පිළිබ`දව විවේචනය කරන්්නේ නම් ඒ සම්බන්ධයෙන් ගත යුතු තීරණය ජනතාව විසින් ගනු ඇතැයිද යුද හමුදාපතිවරයා පැවසීය.

කොවිඞ් මර්දන කාර්ය සාධක බළකාය සම්බන්ධයෙන්ද ඒ මහතා විවේචන එල්ල කරන බව කී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කොවිඞ් මර්දන කාර්ය සාධක බළකාය යනු එක් පුද්ගලයකු විසින් තනි තීරණ ගන්නා එකක් නොවන බව ස`දහන් කළේය. කොවිඞ් මර්දන බළකායේ ප‍්‍රධානියා වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා බවත්, සෞඛ්‍ය ඇමැතිවරියන් දෙදෙනකු, සෞඛ්‍ය සම්බන්ධ ඇමැතිවරයකු, සෙසු කැබිනට් ඇමැතිවරුන් කිහිප දෙනකු, ති‍්‍රවිධ හමුදාපතිවරු සහ පොලිස්පතිවරයා මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනකුද කොවිඞ් මර්දන කාර්ය සාධක බළකායේ සිටින බවත් යුද හමදුපතිවරයා පැවසීය.

එනිසා එමගින් ගන්නා තීරණ ජනපතිවරයා හෝ අන් අය තනිව ගන්නා තීරණ නොවන බව කී හෙතෙම කවුරු මොන විවේචන සිදු කළත් ඇත්ත කතාව එය බවද කීය.

සමන් ගමගේ සහ දිලංක ගුණතිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment