සෙල්ලම් බඩුවල බැටරි දරුවන්ට මාරයෙක් – වෛද්‍ය පාලිත රාජපක්ෂ

54

වැඩිහිටියන්, කුඩා දරුවන්ට වෙළෙඳපොළෙන් මිලදී ගන්නා බැටරියෙන් ක්‍රියාත්මක කරවන සෙල්ලම් බඩු සමග මාරයෙක් නිවසට රැගෙන එන්නේ යැයි බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රධානි සහ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසයි.

බැටරියෙන් ක්‍රියාත්මක සෙල්ලම් බඩුවල ලිතියම්, සිල්වර් ඔක්සයිඩ් සහ ඇල්කලයින් වර්ගයේ බොත්තම් බැටරි ( Button batteries) තිබෙන බව පැවැසූ ඒ මහතා, නිවසේ ඇති එවැනි පැරැණි බැටරි සමහරවිට වැඩිහිටියන් නොදැනුවත්ව දරුවන් ගිලින්න, කනේ හෝ නාසයේ දමා ගැනීමට හැකියි. මෙම බැටරි දරුවන් ගිල දැමුවහොත් එහි විද්‍යුත් රසායනික ක්‍රියාකාරීත්වය හරහා එය මාරාන්තික වීමට හැකියි. ආහාර මාර්ගයේ මුල්ම කොටස (ගලනාලය) ස්වාභාවිකවම පටු නිසා මේවා ගිලුණු විට හානිය (සිදුරුවීම) උපරිමයෙන් සිදුවිය හැකි අතර ගිලුණු බැටරිය ආමාශය දක්වා ගමන්කොට අධික හානියක් සිදුවිය හැකියි. ඒ අනුව ගලනාලය සිදුරුකරමින් ගමන්කොට ස්වරාලය, ප්‍රධාන රුධිර වාහිනි සිදුරුවීමටත් හැකියි.

මෙයට අමතරව ආමාශයට පවා මාරාන්තික හානි සිදුවිය හැකි අතර ස්වසන මාර්ගයේ සිරවීමෙන් ජීවිත හානි විය හැකියි. දරුවකු මෙකී අවාසනාවන්ත තත්ත්වයකට මුහුණදුන් විට වහාම දරුවා රෝහලකට ගෙන ආ යුතුයි. එතෙක් දිය හැකි ප්‍රථමාධාරය වන්නේ දරුවාට පිරිසිදු මී පැණි තේ හැදි 2 ක බැගින් සෑම විනාඩි 10 කට වරක් ලබාදීමයි.

බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment