QR දින වෙනස් වෙයි ඉන්ධන හිඟයක් ඇතිවන්නේ නෑ

146

සෑම සතියකම අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ූඍ කෝටාව යාවත්කාලීන කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පියවර ගෙන ඇත.

මෙම නව වැඩපිළිවෙළ අනුව ඉදිරිදා දිනයේදී සංස්ථාවෙන් ඉන්ධන බෙදාහැරීමක් සිදු නොකරන අතර එදින බෙදාහැරීම් අංශය වසා දැමීමට පියවර ගැනේ. මෙම ක්‍රමය නිසා කිසිදු ඉන්ධන හිඟයක් රටේ ඇති නොවන බවත්, දිනය පමණක් මාරුවීම සිදුවන බවත් තෙල් සංස්ථාවේ සභාපති උවයිස් මොහොමඩ් මහතා පැවසීය. නව තත්ත්වය යටතේ සංස්ථාවට යම් මුදලක් ඉතිරිවන බව ද ඔහු කීය.

මෙම ක්‍රමය ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බවත් කී ඒ මහතා නව ක්‍රමය ක්‍රියාත්මකවීමත් සමග සිකුරාදා දිනයේදී තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ඇණවුම් කර සෙනසුරාදා ගෙන්වා ගන්නා ලෙස ද ඉන්ධන හල්වලින් ඉල්ලා සිටියේය. ඉන්ධන හල්වල ඉරිදා දිනයේදී ඉන්ධන හිඟයක් ඇතිවීමේ ඉඩකඩක් නැතැයි ද ඔහු පැවසීය.

නව ක්‍රමය ක්‍රියාත්මක වීම තුළ දැනට ඉන්ධන බෙදාහරින මෙටි්‍රක් ටොන් ප්‍රමාණයට වැඩියෙන් ඉන්ධන නිකුත් කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment