දේශබන්දු නව පොලිස්පති

202

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නව පොලිස්පති ලෙස පත් කර තිබේ. ඔහු ශ්‍රී ලංකා පොලිසියේ 36 වැනි පොලිස්පතිවරයායි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ. (1) හා 61 ඉ.(ආ) වන ව්‍යවස්ථාවන් හි විධිවිධාන ප්‍රකාරව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල අනුව මෙම පත්කිරීම සිදු කර ඇත.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ඊයේ (26දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත පිළිගැන්වීය.

දේශබන්දු නව පොලිස්පති

කොළඹ නාලන්ද විද්‍යාලයේ සහ ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා 1998 දී සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස පොලිස් සේවයට එක්වූ අතර ශ්‍රී ලංකාවේ දක්‍ෂතම නිලධාරියකු ලෙස එදා මෙදාතුර කටයුතු කරයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment