පිළිකා කාරක වර්ණක යෙදූ ආහාරත් වෙළෙඳපොළේ – රොෂාන් සිකුරාදා දිවයින ට කියූ කතාව

3934

වෙළෙඳ සල්වල මෙන්ම එළිමහනේ අලෙවි කරන වර්ණක යෙදූ රසකැවිලිවල අඩු මුදලට මිලදී ගත හැකි බාල වර්ණක අඩංගු විය හැකියි. ඒ නිසා එවැනි රසකැවිලි මිලදී ගැනීමේදී වර්ණක අඩු හෝ වර්ණ නොගැන්වූ රසකැවිලි මිලදී ගැනීමට පාරිභෝගිකයන් පෙළඹිය යුතුයි.

පිළිකා කාරක වර්ණකයක් හේතුවෙන් ඉන්දියාවේ රෝස පැහැති බොම්බයි මුටයි තහනමට ලක් කිරීම සම්බන්ධයෙන් ඉකුත් සති අන්තයේ ‘දිවයින’ කළ විමසුමකට පිළිතුරු දෙමින් ඊයේ (26දා) ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රෝෂන් කුමාර විතානාච්චි මහතා කියා සිටියේය. ඉන්දියාවේ තහනමට ලක්ව ඇති බොම්බයි මුටයි විශේෂය සඳහා යොදන ‘රොඩමින් -බී’නමැති පිළිකා කාරක වර්ණකය වර්තමානයේ මෙරට බොම්බයි මුටයි හා බූන්දි වැනි රසකැවිලි නිපදවීමට යොදා ගන්නා බව හඳුනාගෙන නොමැති බවද ඔහු මෙහිදී සඳහන් කළේය.

තමන් පරිභෝජනය කරන ආහාර පානවලට එක් කරන වස විස සම්බන්ධයෙන් මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කිරීමටත් එම ආහාර පාන මෙන්ම කල් ඉකුත් වූ ආහාර අලෙවි කරන වෙළෙඳ සල්වලට එරෙහිව ක්‍රියා කිරීමටත් කටයුතු කළ දක්ෂ ක්‍රියාකාරී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රකටව සිටි රෝෂන් කුමාර මහතා මෙයට පෙරද හෝටල් හා ආපනශාලාවල භාවිත කරන කේටරින් සෝස් වර්ග මහජන පරිභෝජනයට නුසුදුසු බවට දිවයින හරහා අනාවරණය කළේය. එම අනාවරණයෙන් පසු එම සෝස් වර්ග බජට් පැක් හරහා නිකුත් කිරීමට නිෂ්පාදකයන් කටයුතු කර තිබූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

ඉකුත් සති අන්තයේ ද ඔහු සමාජ මාධ්‍ය ජාල හරහා රට පුරා ව්‍යාප්ත වී ඇති ආහාර අතිරේක වර්ග මෙන්ම මෙරට මෙරට භාවිත වන රූපලාවන්‍ය උපකරණ හා රසායනික ද්‍රව්‍ය කිසිදු නීතියකින් නියාමනය නොවන බවත් මේ හේතුවෙන් ව්‍යාජ ප්‍රචාරණයන් හරහා මෙරට මහජනතාවගේ සෞඛ්‍යයට අහිතකර එම ද්‍රව්‍ය නිදහසේ අලෙවි කිරීමට වෙළෙඳුන්ට හැකි වී ඇති බවත් අනාවරණය කර තිබිණි.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment