පාස්කු ප්‍රහාරය ගැන කළ ප්‍රකාශයට සමාජ ක්‍රියාකාරිකයාට නඩු

608

ස්කු ප්‍රහාරය ගෝඨාභය රාජපක්‍ෂ මහතා බලයට ගෙන ඒමට මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ අනුදැනුම ඇතිව සිදුකළ කුමන්ත්‍රණයක් බවට සමාජය තුළ මතයක් ගොඩනැගී ඇතැයි මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරිකයකු වන සෙහාන් මාලක ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්‍ෂි විභාගය ලබන ජුනි 7 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (16 දා) දින නියම කළේය.

එදින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කොට තිබූ ඉන්දික උදය කුමාර අබේරත්න හා උදය කුමාර ප්‍රියන්ත කරුණාරත්න සහ සාක්‍ෂිකරුවන්ට විනිසුරුවරයා අවවාද කළේය.

2021.08.17 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී මරදාන ෆාතිමා දේවස්ථානයේදී කළ එම ප්‍රකාශය මගින් ශ්‍රී ලංකා රජයට එරෙහිව විරුද්ධත්වයක් ඇති කිරීමට තැත් කළේ යැයි එම විත්තිකරුට චෝදනා නගා තිබිණි.

නීතිඥ උදාර මුහන්දිරම්ගේ මහතා සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා විත්තිය වෙනුවෙන් පෙනී සිටි අතර රජයේ අධිනීතිඥ විශ්ව විජේසූරිය මහතා නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවීය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment