සුන්බුන්වලින් වක්වැල්ල පාලම හිරවේ

212

ධාරාණිපාත වර්ෂාවත් සමග ගිංගඟ දිගේ ගසාගෙන විත් ඇති නෙයෙකුත් ලී කොටන්, උණගස් ආදි සුන්බුන් වක්වැල්ල පාලම අසල හිරවී ඇති බැව් ප්‍රදේශවාසීහු පවසති. වක්වැල්ල පාලම මෙකී සුන්බුන්වලින් අවහිරවීම නිසා ජලය බැසයෑම සඳහා බාධා එල්ලවී ඇති බවද ප්‍රදේශවාසීන් පවසති. මේ පිළිබඳ ගිංගඟ වාරිමාර්ග ඉංජිනේරු පියුමි රසාංජලී ද සිල්වා මහත්මියගෙන් අප කළ විමසුමකදී ඇය සඳහන් කළේ වක්වැල්ල පාලමේ හිරවී ඇති සුන්බුන් ඉවත් කිරීමට කටයුතු කරන බවය. මීට දින කිහිපයකට පමණ පෙරද වක්වැල්ල පාලමේ හිරවී තිබූ සුන්බුන් ඉවත් කිරීමට කටයුතු කළ බවද ගිංගඟ වාරිමාර්ග ඉංජිනේරුවරිය සඳහන් කළාය. ජලය කඩිනමින් බැසයෑම සඳහා ගිංතොට හා මහමෝදර යන මෝයකටවල් විවරකොට ඇති බවද වාරිමාර්ග ඉංජිනේරුවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment