මිනුවන්ගොඩදී ඝාතනය වූ අය හඳුනාගනී

213


මිනුවන්ගොඩදී වෙඩිතබා ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා ප්‍රියසාද් ප්‍රියංකර ද සිල්වා නොහොත් චන්තු නමැති අයෙක් බව හඳුනාගෙන ඇත.
ඊයේ රාත්‍රී 10.20ට පමණ මිනුවන්ගොඩ බොරගොඩවත්ත රුවන් මාවත ප්‍රදේශයේදී ඔහුව වෙඩි තබා ඝාතනය කර තිබුණි.
ඝාතනයට ලක්ව ඇති චන්තු නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවත් ඇති බවත් ඩුබායි සිටින ජාවාරම්කරුවෙකු වන මිනුවන්ගොඩ හීනටියන මහේෂ් නැමැත්තාගේ ගෝලයෙක් බවට තොරතුරු අනාවරණය වී තිබේ.
චන්තු නැමැත්තා හෙරොයින් සම්බන්ධ නඩුවකින් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව සිටි අයෙකි.
ඔහුට විරුද්ධව දිවයිනේ ප්‍රදේශ කිහිපයක අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති බවද වාර්තා වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment