කිළිනොච්චියට පැමිණි අමුත්තෝ…

84

කිළිනොච්චිය පුනරීන් පාරේ කලපුවට ඔබ්බෙන් වූ කඩොලාන කැලෑවට මේ දිනවල සියක්කාරයින් ඇතුළු විදේශීය පක්ෂීන් රැසක් පැමිණ සිටිති. වර්ෂාව අවසන් වීමත් සමගම පැමිණ සිටින මෙම විදෙස් පක්ෂීන් නිසා කඩොලාන කැලෑ ප්‍රදේශය ඉතා චමත්කාර දසුන් වලින් මේ දිනවල පිරීගොස් තිබේ.

කිළිනොච්චියට පැමිණි අමුත්තෝ…
කිළිනොච්චියට පැමිණි අමුත්තෝ…

කිළිනොච්චියේ වැසියන් කියා සිටින්නේ වෙනත් වසරවලදී මෙම විදෙස් කුරුල්ලන් කිළිනොච්චියට පැමිණෙන්නේ ජනවාරි මස අග සතියේදී බවයි.

එසේ පමිණෙන විදෙස් පක්ෂීන් මුලතිව් චුණ්ඩිකුලම් පක්ෂී අභය භූමියේ හා උද්‍යානයේ මාසයක පමණ කාලයක් රැදී සිට අතුරුදහන් වන බවද කිළිනොච්චියේ වැසියෝ කියා සිටිති .

කෙසේ වෙතත් මේ දිනවල කිළිනොච්චියට පැමිණ සිටින විදේශීය පක්ෂීන් නැරඹීමටත් එම පක්ෂීන්ගේ ඡායාරූප ගැනීමටත් විශාල පිරිසක් උදෑසන හා සවස් කාලයේදී කිළිනොච්චිය පුනරීන් පාරේ කලපුවට ඔබ්බෙන් වූ කඩොලාන කැලෑවට පැමිණෙමින් සිටිති.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment