කුඩු සලිදුට අයත් වරකාපොළ ලක්ෂ 100 ක් වටිනා ඉඩම රජයට පවරා ගන්න විමර්ශන

93

මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු සලිදුට අයත් වරකාපොළ නගරයේ ලක්ෂ 100 ක් පමණ වටිනාකමකින් යුත් ඉඩමක් රජයට පවරා ගැනීම සඳහා 23 වෙනි දින කෑගල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මහතා එම ස්ථානයට පැමිණ විමර්ශන කටයුතු සිදු කරන ලදී.

මෙම ඉඩම වරකාපොළ නගරයේ අඟුරුවැල්ල මාර්ගය අසළ පිහිටා ඇති අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු සලිදු විසින් මිලදී ගෙන ඇති අතර දැනට අවුරුදු 1/12 පෙර ඔහුගේ ඥාතියකුගේ නමට පවරා ඇති බව පොලිසිය පවසයි. පවරා ඇති අයගෙන් ප්‍රශ්න කිරීමේදී රට ගොසින් උපයාගන්නා ලද මුදලින් ගත් බව ප්‍රකාශ කර ඇති අතර පොලිසිය කරන ලද විමර්ශන වලදී එවැන්නක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බවද පොලිසිය පවසයි.

එම ස්ථානය විමර්ශනය කළ කෑගල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මහතා රැස්ව සිටි ජනතාවට අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ නීති විරෝධී ලෙස උපයා ගත් මුදලින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු සලිඳුට අයත් ඉඩමක් වරකාපොළ නගරයේ තිබෙන බවට නීති විරෝධී වත්කම් කොට්ඨාස විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනය කර තිබෙනවා. එය රජයට අත්පත් කර ගැනීම සදහා කටයුතු සිදු කරන බවත්, ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් මහජනතාව මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා සහයෝගය ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියහ.

එම ඉඩම ඇති අඟුරුවැල්ල මාර්ගයේ දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කරමින් නාමල් කුමාර නමැති අයකු එම ඉඩම රජයට පවරා ගන්නා ලෙසත් මත්ද්‍රව්‍ය වරකාපොළ නගරයෙන් තුරන් කරන ලෙස ඉල්ලා විරෝධතාවයක නියැලී සිටියහ.

නාමල් කුමාර නමැත්තා විරෝධතාවයේ යෙදී සිටින විට වරකාපොළ ජනතාව ඔහුට විරෝධය ප්‍රකාශ කර ඔහුව පලවා හරින ලෙස පොලිසියට ඉල්ලා සිටියහ. ඉන්පසු ජනතාවගේ හූ හඩ මැදින් පොලිසිය විසින් ඔහු ඉවත් කරන ලදී.

මෙම විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා කෑගල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ, වරකාපොළ පොලිස්ථානාධිපති ඒ.බී.සී. ප්‍රසාද් මහතා ඇතුළු නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් ද මෙයට සහභාගි වී සිටියහ.
වරකාපොළ සරත් ආනන්ද ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment