බදු වෙනස් කරන්න ඉරාන්ගෙන් යෝජනා දෙකක්

149

දැනට ක්‍රියාත්මක බදු පනත් දෙකක් සංශෝධනය කිරීම සඳහා පත් කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා (සජබ) ඊයේ (8දා) පෞද්ගලික මන්ත්‍රී යෝජනා දෙකක් කථානායකවරයා වෙත භාරදී ඇත.

2002 අංක 14 දරන එකතු කරන ලද අගය මත බදු පනත හා 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පනත යන පනත් දෙක සංශෝධනය සඳහා මෙම පෞද්ගලික මන්ත්‍රී යෝජනා භාරදී තිබේ.

ජනතා මුදල් පාලනය කිරීමේ කටයුත්ත පාර්ලිමේන්තුවට යටත් කිරීම සපුරා ගැනීම මෙම සංශෝධනවල අරමුණ බවත් තමන්ට හිමි බලතල අවභාවිත කිරීම ඇතුළුව තෝරාගත් සුළු පිරිසකට වාසි සැලසෙන අයුරින් කටයුතු කිරීමට විධායකයට පවතින ඉඩකඩ ඇහිරීමත් මේ සංශෝධනවල අපේක්‍ෂාව බවත් එරාන් වික්‍රමරත්න මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment