සෝෂල් මීඩියාවල ගිය කතාව බොරුවක්… පෙම්වතා ලංකාවේ – චන්නගේ දුව මලීෂා මීවිතට කියයි

440

දුව පෙම්වතා එක්ක ඇවිත්

චන්න පෙරේරා පෙම්වතුන්ගේ දිනය සැමරීමේදී අන්තර්ජාලයේ වැඩිපුරම කතාබහට ලක්වුණු චරිතය තමයි ඔහුගේ දුව චන්නත් එක්ක පෙම්වතුන්ගේ දිනය සැමරීමට වගේම යුගාත්‍රා චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නැරඹීමට එතැනට සුවිශේෂී අමුත්තෙක් ඇවිත් හිටියා චන්නගේ දුවත් එක්ක. චන්නගේ දුව වන මලීෂා පෙරේරා සමඟ එතැනට ආපු මේ අමුත්තා ගැන වගේම මලීෂ ගැනත් යූටියුබ් නාලිකාවල වගේම වෙබ් අඩවිවල විවිධ අසත්‍ය පුවත් තමයි පළවෙලා තිබෙන්නේ. මීවිත පාඨකයන්ට අපි දැන් ඇත්තම කතාව කියවන්න දෙන්නයි මේ හදන්නේ.

● මලීෂා කවදද ලංකාවට ආවේ?

මුලින්ම කියන්න ඕනෑ අන්තර්ජාලයේ පළවුණ කතා සියල්ලම අසත්‍යයි කියලා. මොකද මම මෙච්චර කල් ලංකාවේ තමයි හිටියේ. මම ලංකාවට ආවේ ඊයේ පෙරේදා නෙමෙයි. මම මේ දවස්වල මගේ එම් බී ඒ එකට සූදානම් වෙනවා. ඔය අතරේ අම්මිගේ සැලෝන් එකේ වැඩකටයුතු වලටත් උදව් කරනවා.

සෝෂල් මීඩියාවල ගිය කතාව බොරුවක්... පෙම්වතා ලංකාවේ - චන්නගේ දුව මලීෂා මීවිතට කියයි

● අධ්‍යාපන කටයුතු ගැන කතා කළොත්?

මම දැනට ව්‍යාපාර අංශයෙන් තමයි අධ්‍යයන කටයුතු සිදුකරන්නේ. මම ඒ අංශයෙන් අධ්‍යාපන කටයුතු සිදුකරන්න හිතුවේ අම්මිගේ සැලෝන් එකේ වැඩකටයුතු වලට එහෙම එකතු වෙන්න පුළුවන්නේ. ඔය අතරේ මගේම කියලා ව්‍යාපාරයකුත් ආරම්භ කරලයි තියෙන්නේ.

● පසුගිය දවස්වල තාත්තාගේ වැලන්ටයින් ඩේ එකට සම්බන්ධ වුණා. ඒක හින්ද ඔයා ගැන හරියට කතාබහ කළානේද?

ඔව්. මගේ ආදර සම්බන්ධතාවයට ටික කාලයක් වෙනවා. නමුත් ඔය අන්තර්ජාලයේ පළවුණු කතා සියල්ලම බොරු. අනික අපි දෙන්නා කසාද බඳින්න යනවා. එයා විදෙස්ගත වෙලා ඉන්න චරිතයක් කියලත් කතාවක් පැතිරුණා. නමුත් ඒ සියල්ල බොරු. විශේෂයෙන් යූ ටියුබ් නාලිකාවල පැතිරුණ කතා සියල්ලම අසත්‍යයි.

● ඇත්තටම මලීෂා පෙරේරාගේ පෙම්වතා විදේශිකයෙක් නෙමෙයිද?

නැහැ. එයා ඉන්දියානු ජාතිකයෙක් නෙමෙයි. අනික අපි කසාද බඳින්න කියලා තවම ලොකුවට සැලසුම් කරලා නෑ. අනික අපේ සම්බන්ධතාවයට තවම ලොකු කාලයක් නෑ.

සෝෂල් මීඩියාවල ගිය කතාව බොරුවක්... පෙම්වතා ලංකාවේ - චන්නගේ දුව මලීෂා මීවිතට කියයි

● පෙම්වතා ගැන වැඩි විස්තර කිව්වොත්?

දැන්ම අපි ඒ ගැන වැඩිපුර කතා නොකර ඉමු කියලයි මම හිතන්නේ. අවශ්‍ය වෙලාව ආවහම ඒ ගැන හරියට මාධ්‍යට ඇත්ත තොරතුරු ලබාදෙන්නම්.

● තාත්තාගේ යුගාත්‍රා චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නැරඹුවාද?

ඔව්. තාත්ති අංජලිකා චිත්‍රපටයෙන් පස්සේ කරපු හොඳම චිත්‍රපටයක් කියලයි මට හිතෙන්නේ. ඒක වෙනස්ම චිත්‍රපටයක්. සිනමාවට අලුත් දෙයක් වේවි කියලා හිතනවා. ඒ වගේම මට තාත්තා ගැන හරි ආඩම්බරයි.

● තාත්ති අම්මි වගේ දුව රඟපාන්න අදහසක් නැතිද?

දැනට නම් එහෙම හිතලා නෑ. අනික මම කැමැතියි තාත්ති ගේ නිර්මාණයකින් ක්‍ෂේත්‍රයට එන්න. මම දැනට අධ්‍යාපන කටයුතු වලට මූලිකත්වය ලබාදීලයි තියෙන්නේ. හොඳ නිර්මාණයක් ලැබුණොත් භාරගන්නවා.

● චන්න පෙරේරා, ගයාත්‍රි ඩයස් දෙපළගේ ජනප්‍රියත්වය ගැන මොනවද හිතන්නේ?

මට ඒක අලුත් දෙයක් නෙමෙයි. ඒක මම පුංචි කාලේ ඉඳලා දැක්ක දෙයක්. ඒ හින්ද මාධ්‍යයෙන් පවා මට ලොකු පිළිගැනීමක් තියෙනවා මම හිතනව මම හරි වාසනාවන්තයි කියල.

● මලීෂා පෙම්වතා සමඟ එතැනට ගියේ තාත්තාව සර්ප්‍රයිස් කරන්නද?

අපේ සම්බන්ධය ගැන මම මුලින්ම තාත්තිටයි අම්මිටයි කියලා තිබුණේ. ඒ දෙන්න අපි දෙන්නාගේ සම්බන්ධය ගැන දන්නවා. අපි කාලයක් තිස්සේ ආශ්‍රය කරන හින්දා එතැනට ඇවිල්ලා යන්න එන්න කියලා කිව්වා. පෙම්වතුන්ගේ දිනය හින්දා අපි දෙන්නටත් එකතු වෙන්න කියලා කිව්වා. නමුත් තාත්තා හිතුවේ නැහැ අපි එකතුවේවි කියලා.

සෝෂල් මීඩියාවල ගිය කතාව බොරුවක්... පෙම්වතා ලංකාවේ - චන්නගේ දුව මලීෂා මීවිතට කියයි

● තාත්තිගේ වැඩේ ගැන පෙම්වතා මොනවද කිව්වේ?

ඇත්තටම එයත් කුතුහලයෙන් ඉන්නවා චිත්‍රපටය නරඹන්න. තවම චිත්‍රපටය එයා දැකලා නෑනේ.

● සමාජ මාධ්‍යවල පැතිරුණු කතා ගැන දුකක් තියෙනවාද?

අපොයි නැහැ. මොකද ඒ පැතිරුණු කතා සියල්ලම බොරුනේ. අනික මගේ පෙම්වතා ඉන්දියන් කියන කතාවත් බොරු. එයාව මට මුණගැසුණෙත් ලංකාවේදී.

● දැන්ම විවාහ වෙන කතාව බොරුවක්ද?

ඔව්. දැන්ම විවාහ වෙන්නේ නැහැ. ඒ කතාව බොරුවක්.

● පසුගිය කාලයේ වැඩිය පේන්න හිටියේ නැහැ නේද?

මට ගොඩක් ක්‍ෂේත්‍රයේ යාළුවෝ නැහැ. මමත් තාත්ති වගේ තමයි ගොඩක් කතාබහ කරන්නේ නැහැ. පැත්තකට වෙලා ඉන්නේ. අම්මි නම් හැමෝමත් එක්කම හරි සුහදයි. මමත් ගෙදරට වෙලාමයි ඉන්නේ. ටිකක් බෝරින් ලයිෆ් එකක් ගත කරන්නේ. මමත් තාත්ති වගේ නිදහස හොයන චරිතයක්.

● කාලෙකින් එළියට ආපු හින්දද චන්න – ගයාත්‍රිගේ දුව ගැන මේ තරම් කතාබහක් ඇති වුණේ?

වෙන්න ඇති. මම ගොඩක් එළියට එන්නේ නැති හින්ද මිනිස්සු මගේ ලයිෆ් එකේ මොනවද වෙන්නේ කියලා කුතුහලයෙන් ඉන්නවා. ඒ නිසා වෙන්න ඇති මාව ලොකු කතාබහකට ලක්වුණේ.

දිනේෂ් විතාන
ඡායාරූප – ප්‍රවීන් ලෝචන

advertistmentadvertistment
advertistmentadvertistment