ළදරුවන්ට සරම්ප එන්නත ලබාදීමේ කොළඹ වැඩසටහන….

45

සරම්ප රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මාස 06 ත් 09 ත් අතර ළදරුවන් වෙත අමතර සරම්ප මාත්‍රාවක් ලබාදීමේ එක්දින ජාතික වැඩසටහන ඉකුත් 06 වැනිදා අවදානම් දිස්ත්‍රික්ක 09 ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක විය.

ඊට සමගාමීව කොළඹ නගර සභා බල ප්‍රදේශයේ පැවති සායනයකදී ළදරුවකුට සරම්ප එන්නත ලබාදුන් අයුරු ඡායාරූපයේ දැක්වේ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ, කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

සරම්ප රෝගය පැතිර යෑමේ අවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, යාපනය, මහනුවර, කුරුණෑගල කල්මුණේ යන දිස්ත්‍රික්කවල මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

advertistmentadvertistment
advertistmentadvertistment