සෙල්ලම් බඩු බෙදාහැරීමේ ව්‍යාපාරිකයා ඇඳමත මියගිහින්… අභිරහස සොයන්න පශ්චාත් මරණ පරීක්‍ෂණයක්

400
සෙල්ලම් බඩු බෙදාහැරීමේ ව්‍යාපාරිකයා ඇඳමත මියගිහින්

මහා පරිමාණයෙන් සෙල්ලම් බඩු බෙදා හැරීමේ ව්‍යාපාරයක නිරත ව සිටි අයෙකුගේ මළ සිරුර නිවසේ ඇඳ මත තිබියදී කොට්ටාව පොලිසිය මගින් සොයා ගෙන ඇත.
 
මෙසේ මියගොස් සිටියේ හෝකන්දර පාර, පන්නිපිටිය පදිංචිකරුවකු වූ තන්ත‍්‍රිගේ සරත් පෙරේරා නමැති හැට හත් හැවිරිදි අවිවාහකයෙකි.
 
ඔහු කුළී පදනම මත ලබා ගත් මෙම නිවසේ සිට ව්‍යාපාරික කටයුතු සිදු කරමින් තනිව වාසයකර ඇත. මෙම තැනැත්තා පෙරේදා (30දා* අසල්වැසි නිවසක පිරිමි ළමයෙකු සමග කතා කරමින් සිට කෑම කන්න ඕනෑ යැයි පවසා ගෙතුලට ගොස් ඇත.
 
පසුදා උදෑසන මෙම තැනැත්තා නිවසේ දොර හැර වෙනදා මෙන් නොපැමිණි නිසා අසල්වැසි පිරිමි ළමයා දුරකතනයෙන් ඔහුගේ සහෝදරියක අමතා මේ පිළිබඳව දන්වා තිබේ. අනතුරුව ඔවුන්ගේ දැනුම් දීම මත කොට්ටාව පොලිසියේ නිලධාරීන් පැමිණ නිවස පරීක්ෂා කිරීමේදී නිවසේ කාමරයක ඇඳක් මත තිබූ මළ සිරුර හමුවී ඇත. හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා සිරුර පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ අතර කොට්ටාව පොලිසියේ පො. සැ. (58870* රංජිත් මහතා පරීක්ෂණ මෙහෙයවීය.

කඩුවෙල – සුගත් පේ‍්‍රමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment