විදුලි ආදායම දෙගුණයකින් වැඩිවෙයි

159

විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් ඉකුත් වර්ෂයේ (2023) මුල් මාස අට තුළ විදුලි අලෙවියෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් උපයා ඇති ආදායම රුපියල් බිලියන 402 දක්වා වැඩි වී ඇති බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වෙයි.

2022 වර්ෂයේ මෙම කාලසීමාවේ දී විදුලිය අලෙවියෙන් උපයා ඇති ආදායම රුපියල් බිලියන 172 කි. එම මුදලට සාපේක්ෂව ඉකුත් වර්ෂයේ මුල් මාස අටේදී උපයනු ලැබූ ආදායම දෙගුණයටත් වඩා වැඩි වී ඇති බව ද මෙකී වාර්තාවේ සඳහන් වේ.

කෙසේ වුවද අදාළ කාලසීමාවේදී විදුලිය ඉල්ලුම 2022 වර්ෂයේ ගි.වො.පැ. 9,854ට සාපේක්ෂව 2023 වර්ෂයේ දී ගි.වො. පැ 9,465 දක්වා සියයට හතරකින් පමණ සුළු වශයෙන් අඩුවී ඇති බව ද මෙකී වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment