තාත්තා නැති වී අවුරුද්දයි ආදර සැමරුම් 15 වැනිදා – අනුරාධා නන්දසිරි

138

පණ්ඩිත් ඩබ්ලිව්. ඩී.අමරදේවයන්ගෙන් පසුව අපට සිටි ගාන්ධර්වයා සංගීත් නිපුන්” මහාචාර්ය සනත් නන්දසිරි සමුගෙන ගොස් වසරක් ගතව ඇත. එනමුදු ඔහු අප අතර නැතැයි යන්න නොහැඟේ. ඒ ඔහුගේ ගී නිර්මාණ නිතර දෙවේලේ අප සවන වැකෙන නිසාවෙනි.

ආදර සැමරුම් කැටිවූ
නෙතු කඳුළින් මුතු පබුළින්
නිමා කළෙමි සිහිවටනය
යමුනා තීරේ… යමුනා තීරේ

තාත්තා නැති වී අවුරුද්දයි ආදර සැමරුම් 15 වැනිදා - අනුරාධා නන්දසිරි

ඇත්තෙන්ම ඔහු දෙනෙත් පියා ගත්තේ ආදරණීය සැමරුම් ගොන්නක් අපට ඉතිරිකර දීය. එදවස” මහාචාර්ය සනත් නන්දසිරි විසින් සිය සහෝදර ගායක ගායිකාවන් රැසකට ඉතා මධුර තනු හා සංගීතය නිර්මාණය කළේය.

අපේ මේ ගාන්ධර්වයා වියෝවී වසරක් පිරීම සමරනු වස් පෙර කී ගීත නිර්මාණයන් සජීවීව ගැයෙන ප්‍රසංගයක් ප්‍රවීණ සහ නූතන ගැයුම් හඬින් මෙම 15 වැනිදා ඉදිරිපත් කෙරේ. කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ පස්වරු 6.30 ට පවත්වන මෙම ප්‍රසංගය නම්කර තිබෙන්නේ ‘ආදර සැමරුම්. නමිනි.

තම පියාණන් සමරන ‘ආදර සැමරුම්. වෙනුවෙන් දූ” අනුරාධා නන්දසිරී මේ දිනවල වෙහෙසකර ව්‍යායාමයක යෙදෙන්නීය.

“තාත්තගේ පළමු අනුස්මරණය යෙදෙන්නේ මාර්තු 28 වැනිදාට. මේ අවුරුද්දේ පිංකමක් කරලා දෙවැනි අවුරුද්දේ ඉඳලා තාත්තගේ නමින් දුප්පත් දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදෙන්න තමයි මගේ බලාපොරොත්තුව වුණේ. ඒත් තාත්තා වෙනුවෙන් මෙවන් ප්‍රසංගයක් යෝජනා කළේ තාත්තගේ

ගෝලයින් තිදෙනෙක් වන ජනක හර්ෂ” නිලංක නවෝද් සහ සමන් ප්‍රියංකර නම්මුනිගේ යන සොහොයුරන්.

සිය ආදරණීය සැමියා වෙනුවෙන් මෙම ප්‍රසංගයට කැමැත්ත මල්කාන්ති නන්දසිරි ජ්‍යෙෂ්ඨ ශිල්පිනියද පළ කිරීමෙන් පසුව මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර” බන්දුල නානායක්කාරවසම්” නිරංජලා සරෝජිනී” සුනිල් අමරසිංහ ඇතුළු කිහිපදෙනෙකුගෙන් යුත් කමිටුවක් පිහිට වූ බව අනුරාධා පැවැසුවාය.

ජගදානන්දන මහා කාරුණික
සිරසාවන්දන ශීල ගුණෝපිත
අනුපමේය වූ එවන් නාමයට
නමස්කාර වේවා…

අමරදේව මහත්තයට වගේම විශාරද නන්දා මාලිනී” විජය කුමාරතුංග” ප්‍රෙඩී සිල්වා ඇතුළු තවත් ප්‍රවීණ ශිල්පීන් රැසකට සංගීතය සහ තනු නිර්මාණය කර දී ඇත.

මල්කාන්ති නන්දසිරි” නිර්මලා රණතුංග” අනුරාධා නන්දසිරි” කීර්ති පැස්කුවෙල්” සමිතා මුදුන්කොටුව” දීපිකා ප්‍රියදර්ශනී පීරිස්” රොම්ලස් පෙරේරා” ත්‍යාගා එන්. එඩ්වඩ්” රෝහණ සිරිවර්ධන” ජගත් වික්‍රමසිංහ” කෝලිත භානු දිසානායක” රංජන අමරදේව” දයාන් විතාරණ” මිත්‍ර කපුගේ වගේම රොඩ්නි වර්ණකුල” බිමල් ජයකොඩි” සමන් ප්‍රියංකර නම්මුනිගේ සහ මහාචාර්ය සනත් නන්දසිරිගේ ශිෂ්‍යයන් ඇතුළුව ගායක ගායිකාවන් පනස් දෙනෙක් “ආදර සැමරුම්” සමග එක්වෙති. එහිදී ගීත තිස් හතරක් ගැයේ.

“මේ අය එදාට ගායනා කරන්නේ මොන සින්දුවද කියන එක රහසක්. ප්‍රසංගයේදී තමයි ඒ රහස හෙළිකරගත හැක්කේ. අමරදේව මහත්තය ගයන මා දැන් මහලු වියේ” කඳුළු කතාවේ” මේ ගුරු පාරේ” විජය කුමාරතුංග ගයන පායා සීත රැයේ” සීතලේ නිසංසලේ” ෆ්‍රෙඩී සිල්වා ගයන බොරු කකුල් කාරයෙක් එනවා” ගුණදාස කපුගේ ගයන දෑස නිලුපුල් තෙමා” අබේවර්ධන බාලසූරිය ගයන මං නැතිදා වැනි ගීත රැසක් තියෙනවා තාත්තා නිර්මාණය කළ. මේ සමහර ගී තාත්තා නිර්මාණය කළා කියා බොහෝ අය දන්නේ නැහැ. ඒ වගේම ප්‍රසංගය අවසන් කරන ගීයත් ගයන්නේ සුවිශේෂී පුද්ගලයන් දෙදෙනෙක් විසින්. ඉතින් මේ වගේ කුතුහලය පිරි ප්‍රසංගයක් තමයි “ආදර සැමරුම්” කියන්නේ.

“තාත්තා අසනීප වෙලා එක්තැන් වෙන්න කලින් බොහෝ දේ අතහැරියා. මළ ගෙවල්” මඟුල් ගෙවල්” උත්සව වලට අම්මවයි මාවයි විතරක් යැව්වා. ගේ පුරා සැරිසරන එකත් නතර කළා. එයා නැති ලෝකෙක අපට ජීවත් වෙන්න එයා අපට ඒ විදිහට හුරු කළා. ඒත් ඉතිං එයා නැති අඩුව නිතරම අපට දැනෙනවා.”

ප්‍රසංගයෙන් ලැබෙන ආදායම මහාචාර්ය සනත් නන්දසිරි අනුස්මරණ පදනම වෙනුවෙන් වැය කරනවා. පදනමෙන් ඉදිරියේදී කොළඹ කනත්ත සුසාන භූමියේදී තාත්තාගේ ස්මාරකයක් හදනවා. බස්නාහිර ආණ්ඩුකාරතුමා රොෂාන් ගුණතිලක මහත්මයා සහ ලේකම් වින්ග් කමාන්ඩර් මෙන්ඩිස් මහතා ඒ සඳහා උදව් කළා.

ප්‍රසංගයේ සංගීතය මෙහෙයවීම මනෝජ් පීරිස් ප්‍රමුඛ ත්‍රීතාල්ය. ප්‍රසංගය ඉදිරිපත් කරන්නේ නිරංජලා සරෝජිනී සහ වසන්ත රෝහණය. ප්‍රසංගය පිටුපසින් හිඳිමින් ෆාස්ට් ඇඩ් අධිපති ප්‍රේම් දිසානායක” සරසවි අධිපති එච්.ඩී. ප්‍රේමසිරි” සිල්වරීඩ්හි ජයන්ත” තනුජා” ලක්ෂිකා විසින් ශක්තිය ලබාදෙන බව අනුරාධා පැවැසුවාය.

අජිත් අලහකෝන් – නිව්යෝක්

advertistmentadvertistment
advertistmentadvertistment