කටුනායක ගුවන්තොටේ භූමි මෙහෙයුම් අඩාලයි

177

ගුවන් ගමන්වලටත් බලපෑම්

කටුනායක ගුවන්තොටුපළේ භූමි මෙහෙයුම් කටයුතු සඳහා ඉන්ධන නොමැතිවීමත් සමග අද හෙට ගුවන් ගමන් කටයුතුවලට ද දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ගුවන්තොටුපළ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.

කටුනායක ගුවන්තොටුපළ සේවකයන් ගෙන්වා ගන්නා වාහනවලට අවශ්‍ය ඞීසල් නොමැතිකම නිසා කාර්යාල කිහිපයක් ඊයේ (30 දා) වසා දැමීමට පියවර ගත් අතර ඒ අනුව ගුවන්තොටුපළ සේවකයන් හයදාහකින් දෙදහකටම ඊයේ (30 දා) නිවාඩු ලබාදී කාර්යාල කිහිපයක් වසා දැමීමට පාලනාධිකාරිය පියවර ගෙන ඇත.

කටුනායක ගුවන්තොටුපළේ දිනකට ගුවන් මෙහෙයුම් කටයුතු 40ක් 60ක් අතර ප‍්‍රමාණයක් සිදුවන අතර ගුවන් යානාවලට භාවිත කරන ගුවන් තෙල් (ජෙට් ඔයිල්) වල හිඟයක් මතුවී නැතැයි එම ප‍්‍රකාශකයා සඳහන් කළේය. නමුත් ගුවන්තොටුපළ සේවකයන් ප‍්‍රවාහනය කිරීම සඳහා

යොදාගන්නා බස්රථ සහ වෑන් රථ සඳහා මෙන්ම ගුවන්තොටුපළ පරිශ‍්‍රයේ ධාවනය වන වාහන අදාළ යන්ත‍්‍ර සූත‍්‍ර සඳහා ඉන්ධන නොමැති වීමෙන් එදිනෙදා කටයුතු අඩාල වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ගුවන්තොටුපළ කටයුතු පවත්වාගෙන යෑම අසීරු වී තිබෙන අතර මෙම තත්ත්වය උග‍්‍ර වුවහොඅත් එය ගුවන් මෙහෙයුම් කටයුතු ද අඩාල වී යා හැකි යැයි ද හෙතෙම සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment