දිෂ්ටිවලට බයවෙන්න එපා

265

ඕනෑම ගුරුකමක් කරන කොට අවශ්‍ය දිෂ්ටි මන්ත්‍ර ජප කරන කොට කුමක් හෝ සලකුණක් පෙනෙනවා. ඒ දිෂ්ටිය පැමිණීමේ සංකේතය. ඒකට බයවන්ට එපා. උදාහරණයක් වශයෙන් සෙනසුරු ප්‍රධාන බල ගුරුකමක් කරනකොට මධ්‍යම රාත්‍රිය වනවිට ඉදිඹුවකුගේ දර්ශනයක් පෙනේවි. රාහු ග්‍රහයා මුල්කරගෙන නම් ඌරකුගේ දර්ශනයක් නැත්නම් සූකර රූපයක් පෙනේවි. අපි නිවැරදිව මතුරනවා නම් මේ දර්ශන පෙනීම බලාපොරොත්තු වන්ට ඕනෑ. නොපෙනෙනුනොත් තමයි ගැටලුව. නමුත් මාතාංගේෂ්වරි යන්ත්‍රය මතුරන කොට එහෙම රූප දර්ශන දකින්න බැහැ. රුක්අත්තන මල් සුවඳක් තමයි එන්නේ සාමාන්‍යයෙන්. ඒ මල් සුවඳ මාතාංගේෂ්වරි යන්ත්‍රයට ආවේණිකයි. අභිසම්භිධානය මතුරන කොට ගසක් කැපුවාම එන හුමාලය දැනෙනවා. එක එක ගුරුකමට එක එක ලකුණු ලැබෙනවා. යන්ත්‍ර පුරනකොට ඒ ඒ යන්ත්‍රයට ආවේණික වූ දිග පළල එනම් 2 × 5, 2 × 8, 2 × 11 හැර ගන්න ඕනෑ. සමහර යන්ත්‍ර ගංගාවලින් සයුරින් එතෙරට බලය හිටින්නෙ නැහැ. නමුත් මේ මන්ත්‍ර කාණ්ඩය විශේෂයෙන් එහෙම නැහැ. මුහුදින් එතෙර ජීවත් වන අයටත් එකසේ බලය දෙනවා. ප්‍රතිඵල ඒ ආකාරයටම දෙනවා නියමයි. විශේෂයෙන් මාතාංගේෂ්වරි යන්ත්‍රය පැළඳීමෙන් ශරීරයේ කාම නිල උද්දීපනය වීමෙන් ඔබව අනුන්ට වශීකරණයක් කරනවා. මෙහි පොදු මන්ත්‍රය තමයි. “අයිං කලිං සෞං ඕං ශ්‍රී භගවනී ශ්‍රී මාතාංගේෂ්වරි සර්ව යක්‍ෂ වසංකරි සර්ව දේව වසංකරි, සර්ව සභා වසංකරි, සර්ව සත්ව මුග වසංකරි, සර්ව ධන ධාන්‍ය වසංකරි, සර්ව රෝග හරංකරි අමුකම්බේ වසමනාය (නම) නාම රාජම්” කියලා නමට මැතිරීම මේ යන්ත්‍රය කෙනකුට මතුරලා වෙනත් කෙනකුට පළඳින්න බැහැ. අනික තමයි මතුරනකොට ළිං තොටේ, පැන්තොටේ, පාළු සොහොන් පිටියේ, සයුරු තෙරේ, ගං ඉවුරු තෙරේ තහංචි තහංචි ඒස්වාහඃ කියලා තහංචි කඩනවා. ඒක නිසාම පිටරට පවා වෙසෙන අයට නොවෙනස්ව එකසේ ගුණ දෙනවා. මේ වගේ සර්ව වශී යන්ත්‍ර හැම දේකටම යහපත් ප්‍රතිඵල දෙනවා. හැම දෙයම හරියනකොට හිත පිරිසිදු වන නිසා ජන්මියා ලස්සන වනවා.

යන්ත්‍ර කාණ්ඩ කීපයක් තිබුණත් මේ යන්ත්‍රය වශීකරණ යන්ත්‍ර කාණ්ඩයට අහුවෙනවා. මේ වගේ බලගතු යන්ත්‍ර නිවැරදිව කරල පැළැන්දුවාම හිතා ගන්නවත් බැරි ප්‍රතිඵල ලැබෙනවා. මේ මාතාංග අදුනට එලවරා, පල්මානික්කම්, විශ්ණුක්‍රාන්ති, කස්තුරි ගෝරෝචන, කොකුං වැනි දුර්ලභ ගණයේ ඖෂධ පිනිදියෙන් අඹරා අදුන හදාගන්න ඕනෑ. මෙම යන්ත්‍රය මතුරනකොට විශේෂයෙන් ඇදුරුතුමා මස්, මාළු, කරවල ආදී හැම දෙයින්ම වැළකී එළවළු විතරක් ආහාරයට ගත යුතු වනවා. මෙය මතුරනකොට විශේෂ කරුණක් තමයි මේ කාලය තුළ ස්ත්‍රියක් පිසින කෑමක් වත් කෑම තහනම්. පංචෝපකාර පූජාවන් එනම් මල් වර්ග 5, පලතුරු 5, කැවිලි, සුවඳ දුම් තබා නොඅඩුව පේ කිරීම කළ යුතු වනවා. සියලුම දේ නිවැරදිව සකස් කර මැතිරීම සුබ නැකතට ඇරඹීම අත්‍යවශ්‍යම වනවා. පංහිඳට වැඳ යන්ත්‍රය පිරීම පටන්ගත යුතු වනවා. එක් ඇදුරකුට එක එල්ලේ මැතිරීම අපහසුම නම් දෙදෙනෙක් විසින් යන්ත්‍රය පිරීම වරදක් නොවන බව යන්ත්‍ර පොතේ සඳහන් වනවා. නමුත් යන්ත්‍රය පිරීම ආරම්භ කළ කෙනාම අවසන් කළ යුතුම වනවා. මන්ත්‍ර නීතිය එයයි.

ඉතා බලගතු වශී යන්ත්‍රයක් වන මාතාංගේෂ්වරිය සෑම දෙනාටම ජය, ප්‍රසාදය, සතුට ගෙන දෙන යන්ත්‍රයක් බව ඍෂි මතයයි. විශේෂයෙන් මේ මන්ත්‍රය පිරීමේදී කිසිදු බියක් සැකක් නැතිව කරගෙන යා හැකි යන්ත්‍රයකි. නිවැරදිව වාර ගණන සම්පූර්ණ කර එළිවෙන ජාමයට යන්ත්‍ර පිරීම නවතා ප්‍රාණ පලිප්පු ස්පුඨ කර යන්ත්‍රය ජීවන් නූලෙන් සුළු වශයෙන් ඔතා සුරය සමගින් තැබිය යුතුය.

රත්රන් ආලේප මන්ත්‍ර ජපයෙන් සම්පූර්ණ වූ මාතාංගේෂ්වරිය පසු දින අවශ්‍ය ආතුරයාගේ ගෙලට පැළැඳීමේදී පොදු මාතාංග මන්ත්‍රයෙන් අවසන් කළ යුතුය. මාතාංගේෂ්වරි යන්ත්‍රය පළඳා දින 14කට පෙර සුබඵල අත්විඳීම ඒකාන්තය. එය මෙම වශී යන්ත්‍රයේ බලයයි.

දිෂ්ටිවලට බයවෙන්න එපා

පාරම්පරික ජ්‍යොතිෂවේදී/ ගුප්ත විද්‍යාදර
මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න
දු.ක.-0779870007, 0722174553.

advertistmentadvertistment
advertistmentadvertistment