සාර්ථක මූලික මහජන කොටස් නිකුතුවක් (IPO) නිමා කරමින් ජනවාරි 9 වන දින පෙරවරු 9.30ට කොළඹ කොටස් හුවමාරුවේ (CSE) කටයුතු උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

කාගිල්ස් බැංකු(සීමාසහිත) කොළඹ කොටස් හුවමාරුවේ ර්‍ණක්‍ඊභණ” ලකුණ යටතේ වෙළඳාම් කිරීම අරඹන. කාගිල්ස් බැංකුව (සීමාසහිත) එහි මූලික මහජන කොටස් නිකුතුව (IPO) සාර්ථක ලෙස අවසන් කිරීම සහ කොළඹ කොටස් හුවමාරුවේ ලේඛනගත කිරීම සනිටුහන් කරමින් 2024 මූලික මහජන කොටස් නිකුතුව සඳහා තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් අධි දායකත්ව ඉල්ලුමක් ලැබීම, බැංකුවේ වර්ධන ගමන්මාර්ගය සහ නායකත්වය කෙරෙහි ආයෝජකයින් තුළ ඇති විශ්වාසය තහවුරු කරයි. කොටස් 25,000ක් දක්වා ඉල්ලුම් කළ ඉල්ලුම්පත්‍ර සඳහා සම්පූර්ණ කොටස් ප්‍රමාණය වෙන් කිරීමෙන්ද, කොටස් 25,000 කට වඩා ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන ලද ඉල්ලුම්පත්‍ර සඳහා කොටස් 25,000ක් සහ ඉල්ලුම්කරන ලද ඉතිරි ප්‍රමාණයෙන් 23.34% ක් වෙන් කිරීමෙන්ද වැඩි සහභාගීත්වයක් සහතික කිරීම සඳහා බැංකුව විසින් සාධාරණ සහ විනිවිද පෙනෙන ප්‍රවේශයක් පෙන්වා ඇත.

කාගිල්ස් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ/ ප්‍රධාන විධියක නිලධාරී සෙනරත් බණ්ඩාර මහතා මහජන කොටස් නිකුතුවේ සාර්ථකත්වය පිළිබඳව සිය තෘප්තිය පළකරමින්, ර්‍ණආයෝජකයින් ගෙන් අපට ලැබුනු ප්‍රතිචාර පිළිබඳව අපි නිහතමානී වන්නෙමු. අපගේ කොටස් නිකුතුව කෙරෙහි දක්වන ලද මෙම දැඩි උනන්දුව, මුල්‍යමය වශයෙන් වඩාත් පු`ඵල් සහභාගීත්වයක් සහිත ශ්‍රී ලංකාවක් සඳහා වන කාගිල්ස් බැංකුවේ දැක්ම කෙරෙහි ආයෝජකයින තබා ඇති විශ්වාසයත්, එම පොරොන්දුව ඉටු කිරීමට අපට ුඇති හැකියාවත් මනාව පිලිබිඹු කරයි. අපි මෙම අරමුණු සඳහා අපගේ කැපවීමෙහි නොසැලී සිටින අතර, අපගේ කොටස් නිකුතුවට දායකත්වය දැක්වූ සැමට ස්තූති කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නෙමු. සියලු පාර්ශවකරුවන්ට සුවිශේෂී වටිනාකමක් ලබා දීමට අපගේ කැපවීම යලිත් තහවුරු කරන්නෙමු. අපි මෙම නව පරිච්ඡේදය ආරම්භ කරන විට, තිරසර වර්ධනයක්, නවොත්පාදනයක් සහ සාධාරන ධනය උත්පාදනයක් සහිත අනාගතයක් කෙරෙහි බලාපොරොත්තු තබා ගන්නෙමු” යනුවෙන් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment