බංකොලොත්භාවයෙන් ගොඩඒමට දැනුම් කේන්ද්‍රීය ආර්ථිකයක අවශ්‍යතාව

121

බුද්ධි ගලනය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළ සම්පූර්ණ කතාව මෙසේය.

මේ බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට නම් අවිවාදයෙන් යුතුව පිළිගත යුත්තේ එය දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් හරහා බවයි. දැනුම උගත්කම බුද්ධිය කේන්ද්‍ර කර ගෙන මේ වැටී සිටින ප්‍රපාතයෙන් අපි ගොඩ එන්නට ඕන. නමුත් අද සිදුවන්නේ මොකද්ද? අද සිදුවන්නේ දැනුම උගත්කම බුද්ධිය විනාශ කරන රාජ්‍ය පාලනයක් ක්ෂය කරන රාජ්‍ය පාලනයක් ශූන්‍ය කරන රාජ්‍ය පාලනයක් ඇති කිරීමයි. විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම කාබාසිනියා කරන රාජ්‍ය පාලනයක් අද ක්‍රියාත්මක වෙන්නේ.

දැන් බලන්න අද උසස් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන කපනවා. එසේ කපන ගමන් පහසුකම් රහිතව විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීම වැඩි කරනවා. එයිටත් අමතරව විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ආචාර්යවරුන් කථිකාචාර්යවරුන් ප්‍රමුඛ මේ රටේ වෘත්තීයවේදීන්ට ඒ අයගේ වැටුපට අධික බදු බරක් ගහලා මේ රජය කරන්නේ බුද්ධි ගලනය ප්‍රවර්ධනය කිරීමයි. බුද්ධිය සහිත ඒ උගතුන් බුද්ධිමතුන් රදවා ගැනීම නොවොයි. ඒ අයව රට එපා කරවා රටින් එලවීමේ රාජ්‍ය ක්‍රමවේදයක් තමයි අද ක්‍රියාත්මක වෙන්නේ.

ශිෂ්‍යයන්ට අවස්ථාව වැඩි කරලා. බොහොම හොඳයි. 2018 ඒක 30000. 2022 දී 45000යි 2023 දී 59000යි. ඉතාමත්ම හොඳයි. හැබැයි සිසු පරපුර විශ්වවිද්‍යාලයට ඇතුළු වීමේ ප්‍රමාණය වැඩි කරන කොට පහසුකම්වලින් වැඩි වෙන්නේ නැහැ. අවශ්‍ය මානව සම්පත ලබා දෙන්නේ නැහැ. අවශ්‍ය ගොඩනැගිලි නැහැ. භෞතික සම්පත් නැහැ. පහසුකම් නැහැ. මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් දේශන ශාලා ලෙස භාවිත කරන්නේ අනෙක් පීඨවල ශාලා. ඉදිරියේදී කළමනාකරණ පීඨයත් ආරම්භ කළත් දේශන ශාලා නැහැ. භෞතික සම්පත් නැහැ. ඒ දේ සිදු වෙන අතරතුර ඇත්ත වශයෙන්ම විශ්වවිද්‍යාල පද්ධතියේ 150000ක් පමණ සිසුන් ඉන්නවා. ඇකඩමින් ස්ටාෆ් එක අඩුයි. මහාචාර්යවරුන් ආචාර්යවරුන් නැ. ඉන්න ඕන 12992යි. ඒත් වෙන් කරල තියෙන්නේ 8500යි. ඒත් දැන් ඉන්නේ 6200යි. ඒ අතරිනුත් 700ත් රැකියාවෙන් ඉවත් වෙලා ගිහින්. 200ත් 300ත් අතර නිවාඩු ගිහින්. තවත් 700ක් විදේශීය පුහුණුවේ ඉන්නවා. 12992ක් ඉන්න ඕන තැන ආචාර්යවරු මහාචාර්යවරු ඉන්නේ 5500යි. බාගෙටත් අඩුයි.

එතකොට මේ හිඟ ප්‍රමාණයට බාහිර කථිකාචාර්වරුන් බඳවා ගන්න උත්සාහ කරන කොට රජය ඒකට ප්‍රතිපාදන වෙන් කරන්නේ නැහැ. රජයේ අරමුදල් වෙන් කරන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මේ අය බඳවා ගන්න කොට බරපතළ වැටුප් විෂමතා තිබෙනවාය. ඒ අයගේ රාජකාරියත් අනෙක් සෙසු රාජකාරී සමග සංසන්දනය කරන කොට බරපතළ විෂමතා ඌනතා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි වි. වි. ක්ෂේත්‍රයේ ප්‍රතිපාදන කප්පාදු වෙනවා. 2019 දී බිලියන 72යි. 2021 බිලියන 69යි. 2022 හා 2023 වැඩි වෙලා කිව්වට උද්ධමන වේගයත් එක්ක ගණන් හදල බලන කොට මුර්ත වැඩි වීම අඩු ප්‍රමාණයක් තිබෙන්නේ. එතකොට මේ බුද්ධිය කේන්ද්‍ර කර ගත් ආර්ථිකය ගොඩ නගන්න දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් හරහා රට ගොඩ ගන්න අපි හැමෝම එකට එකතු වෙලා මේ න්‍යාය පිළිගන්න කොට මේ රජය තමන් කියන දේටම පරස්පර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා.

බුද්ධිමත් සමාජයක් ගොඩනැගිමේ අරමුණින් යන ගමනේ අභියෝග 3ක් තිබෙනවා. සිසුන් ප්‍රමාණය වැඩි කළාට වැඩක් නැහැ. මානව හා භෞතික සම්පත් උපකරණ හිඟයට විසඳුම් නැත්නම්. සිසුන් ප්‍රමාණය වැඩි කරාට වැඩක් නැහැ උගන්වන අය නැත්නම්. ඔවුන් රැඳී සිටින්නේ නැත්නම් එසේම සිසුන් ප්‍රමාණය වැඩි කරාට වැඩක් නැහැ එයට සාපේක්ෂව රජයෙන් වෙන් කල යුතු ප්‍රතිපාදන වෙන් වෙන්නේ නැත්නම්. සිසු ගුරු අනුපාතය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමට අතිශය වැදගත්. පේරාදෙණිය හා කොළඹ විශ්වවිද්‍යාලය ජාත්‍යන්තරව ගත් කල පළමු වි. වි 500 හිටියා. දැන් අද එතනිනුත් පහළට වැටිලා. එතකොට අපිට හිතන්න වෙනවා සිසුන් වැඩි කර කර පහසුකම් ලබා නොදෙන්නේ නම් ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් නොකරන්නේ නම් මේ රටේ කථීකාචාර්යවරුන් ආචාර්යවරුන් මහාචාර්යවරුන් ආදී වෘත්තියවේදීන්ට අධික බදු බරක් පටවන්නේ නම් රජය හිතාමතාම නිදහස් නිවහල් නොමිලේ අධ්‍යාපන පද්ධතිය වට්ටවන්න හදනවා කියන සැකය ඇති වෙනවා.

ඇයි මේ බුද්ධිගලනය. එයට හේතුව බරපතළ විදිහට අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද හරහා වැටුප් කප්පාදුවක් සිදු වෙනවා. ඔබ දන්නවද මහාචාර්යවන් හා කථිකාචාර්යවරුන්ගෙන් සියයට 25ක පමණ මාසෙට 50000කට අඩු ආදායමක් ලබන්නේ. පසුගිය දිනක පාර්ලිමේන්තුවට ඒ අය ආවා. ෆූටා එක නියෝජනය කරන අය. මේ අයට හම්බවෙන්නේ ඉතාමත්ම සොච්චම් වැටුපක්. ජනාධිපතිවරයා ප්‍රකාශ කළා මාස 6න් විසඳුම් දෙනවා කියලා. ඒක දෙනකම් අන්තර්කාලීන විසඳුමක් දෙනවා කියලා. දැන් මේ අන්තර්කාලීන විසඳුම බොරුවක් වෙලා මාස 6 විසඳුම පචයක් වෙලා. පචකාර බොරු මංමුලා ජනතාව අන්දවන මේ රාජ්‍ය පාලනයෙන් සුගතියක් අත්වන්නේ නැහැ. ඔබ දන්නවද රජය ඉලක්ක කර ගත් මේ වෘත්තීයවේදීන් ප්‍රමුඛ මේ බද්දෙන් බිලියන 100ක් ආදායම ලබන්න අපේක්ෂිතයි. දැන් බිලියන 107ක් ලැබිලා. වසර අවසානයේ බිලියන 125ත් 140ත් ගන්න හිතනවා. රජයේ සංඛ්‍යා ලේඛන දිහා බලද්දි බොහොම පැහැදිලියි වෘත්තීයවේදීන් කණ්ඩායමම මේ ආණ්ඩුව අධි බදු බරකට යට කරලා තියෙන්නේ.

මම අහන්න කැමතියි බිලියන 100 නම් ටාගට් එක අද වෙන කොට බිලියන 107ක් ලැබිල නම් වසර අවසන් වෙනකොට බිලියන 125-140 අතර ආදායමක් අපේක්ෂිත නම් හදවතට තට්ටු කරල අහන්න ඇයි ඔබ බිලියන 40ක් පමණ වැඩියෙන් මේ රටේ උගතුන් බුද්ධිමතුන් වෘත්තීයවේදීන් මහාචාර්යවරුන් කථිකාචාර්යවරුන් බදු බරකට ලක් කළේ ඇයි. හිතාමතාම නිදහස් අධ්‍යාපනය විනාශ කරලා රජය අදහස් කරනවාද පෞද්ගලික අධ්‍යාපනය උඩට ගන්න හිතනවද. ඒකද මේ නිදහස් අධ්‍යාපනය විනාශ කරන්න හදන්නේ.

රජය හිතාමතාම බුද්ධි ගලනයක් ඇති කරලා. වෘත්තීයවේදී සංවිධාන වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්වකරුවන් 48ක් පිටු 30ක වාර්තාවක් දත්ත කේන්ද්‍රීය වාර්තාවක් මූල්‍ය විශේෂඥයන්ගේ ගවේෂණයට අධීක්ෂණයට ලක් වූ වාර්තාවක් ඉදිපත් කරලා තිබෙනවා. රජයේ ආදායම් ඉලක්කවලට යන ආකාරය ගැන. වඩාත් සහනදායි බදු ක්‍රමයක් ගැන කිව්වත් රජය ඒක ගණන් ගත්තේ නැහැ. වෘත්තීයවේදීන් රජයෙන් යම්කිසි සහනයක් ඉල්ලන්න ගියාම රජය කියන්නේ අපිට කරන්න දෙයක් නෑලු අයිඑම්එෆ් එකේ වැඩලු. ඒ අයගෙන් අහන්නලු. මේක ස්වෛරී ආණ්ඩුවක් ද ? ජනාධිපති අයි එම් එෆ් එකේ පර්සනල් සෙක්‍රටි ද. කොහොම හරි වෘත්තීයවේදීන් අයි එම් එෆ් එක හමුවෙද්දි ඔවුන් කියනවා ඒ වගේ දෙයක් කියලා නැහැ. පුළුල් රාමුවක් තුළ ආණ්ඩුව තමයි මේවා කරන්නේ කියලා. මොන විහිළුවක්වද. භෞමික අඛණ්ඩතාව ස්වෛරීත්වය දේශීයත්වය රජය වුණු රටක් කියල කිව්වට එහෙම දෙයක් නැහැ. රටේ ප්‍රධානියාට හැකියාවන් නැහැ වෘත්තියවේදීන්ගේ ගැටලු විසඳන්න.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළ අර්ථ සාධකයට බලපෑම් වෙනවා. ජනාධිපති හමුවෙන්න ෆුටා එක ගියාම ජනාධිපති කියනවා යූජීසී එක අහෝසි කරනවලු. ඒකද ප්‍රතිපත්තිය. නිදහස් අධ්‍යාපනය රකින්න තියෙන ආයතනය නැති කරන එකද කරන්නේ ඕන. ඒක වඩත් කාර්යක්ෂම හා නූතනවාදී වෙන්න ඕන. අහෝසි කරන්න දෙන්න බැහැ. ඒ විතරක් නොවෙයි මේ ආණ්ඩුව පර්යේෂණ දීමනාවටත් බදු ගහලා. උපකුලපතිවරු පත් කරන්නේ තනිකර දේශපාලනය උපයෝගි කර ගෙන. දේශන සඳහා ලබා දෙන ගාස්තුවලට පවා බදු ගහලා. පෞද්ගලික විශ්වවිද්‍යාල එහෙම බදු ගහද්දි ඒවා කථිකාචාර්යවරුන්ට ලැබෙන සහන ක්‍රමවේදයක් තිබුණත් ආණ්ඩුවට එහෙම දෙයක් නැහැ.

බුද්ධිගලනය තුළින් පුරවන්න බැරි මහා පුරප්පාඩුවක් ඇති වෙනවා. මහා බරපතළ හානියක් ආපහු හරවන්න බැරි හානියක් සිදු වෙනවා. අපි බොහොම පැහැදිලිව කියනවා රටේ නිදහස් නිවහල් අධ්‍යාපනය අපි ශක්තිමත් කරනවා. ප්‍රවර්ධනය කරනවා. ප්‍රතිපාදන ලබා දෙනවා වගේම සිසු පරපුරට අපි තමන්ට රිසි සේ අධ්‍යාපනය කර ගත හැකි අවස්ථාවත් දෙන්න ඕන. ඒ කැමැත්ත ලබා දීම තුළ වඩාත් ප්‍රශස්ත අධ්‍යාපනයක් ඇති කරන්න හැකි වෙනවා. රාජ්‍ය අධ්‍යාපනය නිදහස් නිවහල් අධ්‍යාපනය ශක්තිමත් කරමින් පෞද්ගලික අධ්‍යාපන ආයතනවලටත් අවස්ථාව ලබා දෙන ගම්න ඒ දෙකම නියාමනයට හා ප්‍රමිතිකරණයට ලක් විය යුතු යි. අපි යෝජනා කරන්නේ ඒක වුණාට විසඳුම් පෙනි පෙනී මේ රජය ඉතාමත්ම දුර්වල ආකාරයට අකාර්යක්ෂම ආකාරයට කටයුතු කරනවා. හැම දේකටම මුදල් නෑ කියනවා විතරයි.

අසූචි පොහොර වංචාවේ විගණකාධිපති වාර්තාවට අනුව ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 69ක් රුපියල් මිලියන 1382ක් හෙවත් ලක්ෂ 13820ක් අමු අමුවේ මහා දවල් හොරා කාලා. ඒ හොරා කාපු කරුණු කාරණා සියල්ලක්ම මෙහි තිබෙනවා. ගනුදෙනුවට අදාළ ණයවර ලිපි 2022 මාර්තු 12 දින කල්ඉකුත් වී ඇති අතර කාර්යසාධන බැඳුම්කරය 2022 මාර්තු 24 කල් ඉකුත් වී ඇති. මේ හේතුවෙන් ආනයනයකරු විසින් අපනයනකරු වෙත ගෙවන ලද රුපියල් මිලියන 1382ක මුදලට අදාළ සමග කොන්දේසි ප්‍රකාරව පොහොර තොගයක් නැවත ගෙන්වීමේ ඉඩකඩ අහිමි වී තිබේ.

ඒ වගේම විශේෂයෙන්ම මේ කටයුත්තට මේ බැඳුම්කරය පවත්වා නොගත් සීස ලක් පොහොර, සමාගම, සිස කොමර්ෂල් පොහොර සමාගම, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය ආදියෙහි වගකිවයුත්තන් සිය වගකීම පැහැර හැර ඇති බව සඳහන්. ඒ වගේම මෙම ගනුදෙනුවට සම්බන්ධ වගකිවයුත්තන්ට එරෙහිව නඩු පවරා අය කර ගන්න. ඒ වගේම ඕන තරම් මුදල් තිබෙනවා. හොරා කාපු සල්ලි තිබෙනවා. අහිමි කර ගත් සල්ලි තිබෙනවා. අපේ රජයක් යටතේ නැති වුණ රාජ්‍ය සම්පත් නැවත වරක් අපේ රටට ලබා ගෙන දූෂිත ගනුදෙනුවලින් රටට අහිමි සම්පත් හොර කණ්ඩායමෙන් පවුල් පාලනයෙන් රටේ භාණ්ඩාගාරයටත් පොදු ජනතාව වෙනුවෙනුත් යොදා ගන්නවා. කිසිම දවසක දේශපාලන ලාභ ප්‍රයෝජන සඳහා හොරු රකින්නට අපි කැප වෙන්නේ නැහැ.

ඒ වගේම තමයි නැනෝ පොහොර වංචාව. ඒකෙන් ඇ. ඩොලර් 3.23ට ගන්න තිබ්බ මිලි ලීටර් 500 බෝතලය ඩොලර් 12.45ට ගත්තා. 4 ගුණයක් වැඩි කරලා. කවුද කෘෂිකර්ම අමාත්‍යාංශයේ හොරා කවුද? කවුද මේ හොරු ටික. ඇයි මේ නැනෝ පොහොර ගැන විගණන වාර්තාවක් නැත්තේ. ඒක සභාගත කරන්නේ නැත්තේ ඇයි. කෝප් එකට දෙන්නේ නැත්තේ ඇයි. රටින් හොරාකාපු සම්පත් ඕන තරම් තිබෙනවා. ඒවා ආපහු ලබා ගන්න කටයුතු කරන්නේ නැහැ. තමන්නේ පැවැත්ම රඳා පවතින්නේ හොරු මතයි. හොරුන්ගේ වරමින් තමයි තමන්ගේ පැවැත්ම තිබෙන්නේ. අපි ඔය අවස්ථාව ගත්තේ නැත්තේ ඒ නිසයි. අපි සූදානම් ඕනෑම වගකීමක් ගන්න. හැබැයි ඒක ගන්නේ ජනවරමකින් විතරයි. හොරුන්ගේ වරම් එපා.

අවසාන වශයෙන් විපක්ෂයක් ලෙස අපි සෞඛ්‍ය ක්ෂේත්‍රය ගොඩනංගවන්න රජයේ රෝහල් 56කට ලක්ෂ 1719ක් වටිනා රෝහල් උපකරණ දුන්නා. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ලක්ෂ 3892ක් වටිනා බස් රථ 80ක් දුන්නා. සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන තුළ සමගි ජන බලවේගය හා සන්ධානය පාසල් 35කට ලක්ෂ 311ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ දුන්නා. ඒ යුතුකම අදත් ක්‍රියාත්මකයි. හෙටත් වෙනවා. මේ රටේ ක්ෂුද්‍ර මධ්‍යම කුඩා පරිමාණ කර්මාන්තවකරුවන් අවස්ථා ගණනාවකදී ආසියානු සංවර්ධන බැංකුව සමග සම්බන්ධ කර ඒ අයගේ දුක වේදනාව කඳුළ පීඩනය අසහනය දැනෙන ආකාරයට ඉදිරිපත් කරන්න ලැබුනා.

advertistmentadvertistment
advertistmentadvertistment