‘දිවයින‘ සමාරම්භක කර්තෘ අගයන ‘එඩ්මන්ඩ්ගේ පත්තර විප්ලවය’ ජනගත කිරීම අද

118

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ නව මාවතක පුරෝගාමියා වූ ‘දිවයින’ සමාරම්භක කර්තෘ සහ ප්‍රථම කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ එඩ්මන්ඩ් රණසිංහ මහතාගේ යුග මෙහෙවර ඇගයීම සහ ‘එඩ්මන්ඩ්ගේ පත්තර විප්ලවය’ කෘතිය ජනගත කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (3 දා) ප.ව. 3.00 ට ජනාධිපති කාර්යාලයීය සභා ශාලාවේදී පැවැත්වේ.

මාධ්‍ය විශිෂ්ටයන් ඇගයීමේ ජාතික යුතුකම ඉටුකරන්න මාධ්‍යවේදීන්ට බුහුමන් පිදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන නව වැඩපිළිවෙළක සමාරම්භක සම්භාවනාව ලෙස අද මෙම ඇගයුම් උළෙල පැවැත්වේ.

දැනට 93 වැනි වියෙහි පසුවන එඩ්මන්ඩ් රණසිංහ මහතාගේ දශක හතක මාධ්‍ය යුග මෙහෙවර අගයමින් පවත්වන මෙම උපහාර උළෙලේ ප්‍රධාන දේශනය දැනට ඇමැරිකාවේ පදිංචි ‘දිවයින’ හා ‘රිවිර’ පුවත්පත්වල හිටපු ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් මහතා විසින් සිදු කිරීමට නියමිතය.
නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment