මේ තාක් රාගික චරිතයක් කරලා නැහැ

417

ලංකාවේ මේ වගේ චරිතයක් කරන එකම අභියෝගයක්

තරින්දිව අපිට මේ දිනවල මුණ ගැසෙන්නේ ස්වාධීන රූපවාහිනියේ කොඩිගහ යට නිලන්ති, ප්ලීස් ෂෙයාර් දිස් හි ඉරානා, සික්ස් පැක් වගේම වැකේෂන් ටෙලි නාට්‍ය හරහායි. ඒ විතරක් නෙමෙයි ස්වර්ණවාහිනියේ විකාශය වන සිදාදියේ සමනලියෝහි ඩිස්නිද ඇයය. ඔය අතරේ හිරු ටීවී නාලිකාවේ විකාශනය වන රැල්ල වෙරළට ආදරෙයි හි කැතරින්ද තරින්දිය. ඉතිං මේ වෙලාවේ තරින්දි එක්ක කතා කරන්නම වෙනවා මොකද ටෙලි නාට්‍ය හයකින්ම දකින්න ලැබෙනවා.

තරින්දි හරි බිසී, එහෙම නේද?

මම එකපාරම මේන් රෝල් කරලා ආපු කෙනෙක් නෙමෙයි. කාලයක් තිබුණා මම මගේ තාත්තා, අක්කා ටීවී එක ඉස්සරහට වෙලා මම යන සීන් එකක් බල බලා ඉන්න අවස්ථා බොහොමයක් තිබුණා. සමහර දවස්වල මම ඇත්තටම නැහැ. ඒ පුංචි පුංචි චරිත කරන කාලේ.

මේ තාක් රාගික චරිතයක් කරලා නැහැ

දැන් ප්‍රධාන චරිත විතරද කරන්නේ?

අනේ නැහැ. මම අද ලොකු තැනක නැහැ. මට තව ගොඩක් දුර යන්න තියෙනවා. හැබැයි මීට අවුරුදු පහකට කලින් සාපේක්‍ෂව බලන කොට මගේ කැපවීම මගේ ඉවසීම මගේ දරාගැනීම අතින් අද මම ඊට හාත්පසින්ම වෙනස් තැනක ඉන්නවා කියලා.

දැන් තාත්තා මොකද කියන්නේ?

අවුරුදු පහකට කලින් මාව හොය හොයා චැනල් මාරු කරපු මගේ තාත්තාට ඒත් මාව දකින්න හම්බ වුණේ නැතිවුණා. මාව එකම වෙලාවේ චැනල් දෙකක බලාගන්න බැරිව එයා දුක්වෙනවා. රැල්ල වෙරළට බලද්දී එයාට සික්ස් පැක් එක මිස් වෙනවා.

මේ තාක් රාගික චරිතයක් කරලා නැහැ

වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ මොන චරිතයටද?

මෙතැනින් පරණම ටෙලි නාට්‍ය තමයි රැල්ල වෙරළට ආදරෙයි. දැන් අවුරුදු තුනක් තිස්සේ විකාශනය වෙනවා. කැතරින් චරිතයට ප්‍රතිචාර එමටයි. හැබැයි සිදාදියේ සමනලියෝ පටන් අරගෙන කෙටි කාලයක් තුළ මිනිස්සු ගොඩක් අතරට ඩිස්නි කියන චරිතය ගිහිල්ලා තියෙනවා. කොඩිගහ යට නිලන්තිගේ චරිතයටත් ප්‍රතිචාර ගොඩක් ලැබෙනවා.

එක එක චැනල් එකේ ඉන්න එක ගැන මොකද හිතෙන්නේ?

ඒක එක පැත්තකින් සතුටට කාරණයක්. අනෙක් පැත්තෙන් පොඩි බයකුත් තිබෙනවා.

ඇයි ඒ

මම රඟපාන චරිත එක වගේ කරලා තිබුණොත් ප්‍රේක්‍ෂකයන්ට මගේ වැරදි අහුවෙනවා. එතැනින් එහාට මගේ පසු බැස්මක් තමයි තියෙන්නේ. මේ චරිත වෙනස්ව අඳුරගෙන එකිනෙකට වෙනස්ව රඟපාන එක ලොකු අභියෝගයක්.

මේ තාක් රාගික චරිතයක් කරලා නැහැ

මේ වැඩේ හොඳටම කරනවා කියලා හිතෙන්නේ නැත්ද?

ඒක මට ටිකක් කියන්න අමාරුයි. මොකද මට තේරෙනවානේ මගේ සමහර වීක් පොයින්ට් මොනවාද කියලා. පොඩි බයක් තියෙනවා. නමුත් මම ගොඩක් මහන්සිවෙලා වැඩකරන්න ඕනෑ අඩුපාඩු හදාගන්න. මම තවම ජ්‍යෙෂ්ඨයෙක් නෙමෙයි. තවමත් මම ඉගෙන ගන්නවා. වැරදි හදාගෙන ප්‍රේක්‍ෂකයාට උපරිම සාධාරණයක් කරන්න තමයි බලන්නෙ.

මගතොටේදී ප්‍රේක්‍ෂකයෝ මොනවද කියන්නේ?

ඇත්තම කියන්න ඕනෑ. මම සෝෂල් මීඩියාවල කිසිම ෆ්ලැට් ෆෝම් එකක් බූස්මා කරලා නැහැ. අවංකව හැඳුනු ප්‍රේක්‍ෂක පිරිසක් තමයි මට සෝෂල් මීඩියාවල ඉන්නේ. මම යන යන තැන්වල හරි අවංකව ඒ ගොල්ලන්ගේ අදහස් ප්‍රකාශ කරනවා. මාව විවේචනය කරන්න ඕනෑ තැන්වල විවේචනය කරනවා. ජීවිතයේ සමහර තැන්වල මගේ පෞද්ගලික හේතු නිසා වැටුණු අවස්ථාවල ප්‍රේක්‍ෂකයන්ගේ අගය කිරීම් නිසා මම කාගෙන වැඩ කරපු අවස්ථා ගොඩක් තිබුණා.

ප්ලීස් ෂෙයාර් හි ඉරානා ගැන කතා නොකරම බැහැ?

තරින්දි ප්‍රනාන්දු විදිහට මට ප්‍රතිපත්ති රාමුවක් තිබෙනවා. මම මටම කියලා හදාගත්තු සීමා මායිම් ටිකක් තිබෙනවා. ප්ලීස් ෂෙයාර් දිස්නි ඉරානා කියන චරිතය මම මෙතෙක් කරපු චරිතවලින් එහාට ගිහිල්ලා කරපු චරිතය.

ධනුෂ්ක රේමන් පිටපත අතට දෙන කොට චරිතය ගැන බය හිතුනේ නැතිද?

ඇත්තටම බය හිතුණා. මොකද ලංකාව වගේ සංස්කෘතියකින් වට වුණු රටක මේ වගේ චරිතයක් කරනවා කියන්නේ ලොකු අභියෝගයක්. මේ තාක්කල් වෙලා තියෙන්නේ ඒ නිළිය ඒ රාමුවට කොටුකරලා තමයි වැඩ හම්බවෙන්නේ. දැන් ටික ටික ඒ ටේ‍රන්ඩ් එක කැඩීගෙන යනවා. ඒ ගැන සතුටුයි. පස්සේ මම හිතා ගත්තා මේ චරිතය කරනවා කියලා.

ඇයි ඒ?

මොකද මේ තාක්කල් රාගික සරාගීත්වයෙන් පිරුණු චරිතයක් කරලා නැහැ. ඒක බැරෑරුම් චරිතයක් මේක ලොකු අභියෝගයක්. මේ වගේ චරිත භාරගත්ත ගොඩක් නළු නිළියන්ට මම ගරු කරනවා ඔවුන්ගේ තිබෙන ධෛර්ය සම්පන්න බවට.

ඉරානා ගැන කියලා සමහරු බැනලත් තියෙනවා නේද?

ඇත්තටම මට ඕනෑ වුණේ මම ටච් නොකරපු පැත්තක් ටච් කරන්න. තරින්දිගේ සීමා මායිම්, ප්‍රතිපත්ති ඇතුළේ මේ පරාසයේ වැඩක් කරනවා කියන එක පෙන්වන්න තමයි මට ඕනෑ වුණේ. මගේ ප්‍රතිපත්ති මගේ සීමා මායිම් ඇතුළේ මට ලැබෙන චරිතය කළුද සුදුද කියලා බලන්නේ නැහැ. ඒ නාට්‍ය අවසානයේ මිනිස්සුන්ට හොඳ ආදර්ශයක් දෙනවා නම්.

ඩිස්නි ගැනත් කතා කළොත්?

මම එහේ මෙහේ ගියහම රසිකයෝ කෑ ගහනවා. අපිවත් හයර් එකක් එක්කගෙන යන්න කියලා. රසිකයෝ ඉන්න තැනත් අමතක වෙලා එකපාරටම කෑගහනවා. පස්සේ තමයි තමන් ඉන්න තැන මතක් වෙන්නේ. ධනංජය සිර්වර්ධන අයියට ගොඩක් ස්තූතිවන්ත වෙනවා මාව මේ චරිතයට තෝරාගත්තු එක ගැන. මම ඔහුව මීට කලින් දැනගෙන හිටියේ නළුවෙක් විදිහට විතරයි. ඔහු දක්‍ෂ නිර්මාණශීලී අධ්‍යක්‍ෂවරයෙක් කියලා සිදාදියේ සමනලියෝ නාට්‍යයෙන් පෙන්වලා ඉවරයි.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment