අක්‍රම් ට යකා  නගියි

809

ලෝක ක්‍රිකට් පිටියේ බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු වන වසීම් අක්‍රම් මෙවර ආසියානු ක්‍රිකට් තරගාවලියේ නිවේදකයකු ලෙස කටයුතු කරනවා. ස්ටාර් ස්පෝර්ට්ස් ආයතනය සමගින් තමයි ඔහු මෙහිදී කටයුතු කරන්නේ. මෙවර තරගාවලියේ නිල ප්‍රචාරක ආයතනය තමයි ඒ.

පසුගිය දා පැවැති ඉන්දියාව සහ පකිස්තානය අතර තරගය ඇරඹිමට ස්වල්ප වේලාවකට ප්‍රථමව අක්‍රම් කේන්තියෙන් දෝෂාරෝපණයක් එල්ල කළා. ඊට හේතු වුණේ එදින ක්‍රීඩා කරන පකිස්තාන කණ්ඩායම වැරදි ආකාරයෙන් රූපවාහිනීයේ ප්‍රචාරය කිරීම මතයි. ඔහු ප්‍රසිද්ධියේම ඒ පිළිබඳව රූපවාහිනී ආයතනයට සහ එම වරද කළ අයට දොස් පැවරුවා. ඉන්දියාව වෙනුවෙන් විස්තර ප්‍රචාරයේ නිරත වුණේ ගාම්භීර්. ඔහු සමග වසීම් අක්‍රම් එහිදි මෙසේ පවසමින් සිටියා.

 ‘අද පකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කරන 11 දෙනා පිළිබඳව සතුටුයි. මට ශහනවාස් ධවානි ක්‍රීඩා කරනවා දකින්නට ඕනා වුණා. හසන් අලි සෙල්ලම් කරනවා. රවුෆ් හරිස් සෙල්ලම් කරනවා. ඒත් ඇත්තටම ධවානි කණ්ඩායමේ නැහැ. ඔයාලට හොඳටම විශ්වාසද මේ 11 දෙනා ගැන?

මොහොමඩ් යූසුෆ් මට කිව්ව ධවානි සෙල්ලම් කරනවා කියලා. එතකොට පිතිකරණ පුහුණුකරුවා වත් දන්නෙ නැද්ද කණ්ඩායම ගැන? මෙතන කුමක් හෝ වැරදීමක් සිදු වෙලා තියෙනවා.. යැයි අක්‍රම් පැවසුවා.

ඉන් පසුව එතනට පැමිණි නිවේදිකා මයන්ති ලැන්ගර් සඳහන් කළේ රූපවාහිනිය මගින් එතන වරදක් සිදුව ඇති බවත් ධවානි ක්‍රීඩා කරන බවත් ය.

‘මාව සතුටු කරන්න එපා. මේ වරද කරපු කෙනා සතුටු කරන්න. මේක සුළුපටු වරදක් නොවේ. ලොකු තරගයක් අතරතුර මෙවැනි වරදක් සුළුවට හිතන්න එපා..

එහිදි කේන්තියට පත් අක්‍රම් පුපුරු ගසමින් එසේ පවසා සිටියා.

advertistmentadvertistment
advertistmentadvertistment