වොරියර් කුසලාන සත් සාමාජික රග්බි මේ මස අගදී ඇරැඹේ…

160

ශ‍්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය ඒකාබද්ධ රග්බි මෙහෙයුම් කමිටුව විසින් මෙහෙයවනු ලබන ‘වොරියර් කුසලාන රග්බි තරගාවලිය’ මේ මස 30 සහ 31 දෙදින පෙරවරු 09 සිට කොළඹ-05 පොලිස් පාර්ක් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ. එ් අනුව වසරකට අධික තරග රහිත කාලයකින් පසු, සත් සාමාජික රග්බි ක‍්‍රීඩාවේ ජවය සහ වේගය පිටියට නැවත කැන්දාගෙන එන ‘වොරියර් කුසලාන රග්බි තරගාවලිය’ බලගැන්වීමට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම ඉදිරිපත්ව සිටියි.

තරගාවලිය වෙනුවෙන් මෙරට සත් සාමාජික අන්තර් සමාජ රග්බි ක්ෂේත‍්‍රයේ දැවැන්තයින් වන සී.එච්. ඇන්ඞ් එෆ්.සී. මෙන්ම හැව්ලොක්ස් යන ක‍්‍රීඩා සමාජ සිය හොඳම කණ්ඩායම ඉදිරිපත් කිරීමට නියමිත අතර යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය සිය ක‍්‍රීඩා සමාජ නියෝජනය කරමින් කණ්ඩායම් දෙක බැගින් වොරියර් කුසලානට ඉදිරිපත් කෙරෙනු ඇත.

වොරියර් කුසලාන රග්බි තරගාවලිය කොවිඞ් 19 ව්‍යාප්තියේ අවදානම අවම කිරීම වෙනුවෙන් රජයේ සෞඛ්‍ය බලධාරීන් විසින් පනවන ලද සෞඛ්‍ය සහ ආරක්ෂණ

මාර්ගෝපදේශයන්ට අනුව පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර කී‍්‍රඩකයින් සියලූදෙනා තරගාවලියට පෙරාතුව ජෛව ආරක්ෂණ බුබුළු ක‍්‍රමවේදය යටතේ සිය පුහුණුවීම් සිදු කරනු ඇත.

ලබන නොවැම්බර් මස එක්සත් අරාබි එමීර් හී ඩුබායි නගරයේදී පැවැත්වීමට නියමිතව ඇති ආසියානු සත් සමාජික රග්බි තරගාවලිය සඳහා වන ශ‍්‍රී ලංකා සංචිතයට සුදුස්සන් තෝරාගැනීම වෙනුවෙන්ද මෙම ‘වොරියර් කුසලාන’ යොදාගැනීමට ජාතික තේරීම් කමිටුව කටයුතු යොදා තිබේ. පවතින කොරෝනා වසංගත තත්ත්වය මත මෙම තරගාවලිය පේ‍්‍රක්ෂක සහභාගීත්වයෙන් තොරව පැවැත්වීමට තීරණය වී ඇතත්, සුපී‍්‍රම් ටීවී (ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 20) ඔස්සේ රූපවාහිනියෙන් සහ ඩයලොග් ඪෂඹ ජංගම දුරකථන යෙදුම සහ ඔයැඡු්ච්රුගජදප, ඔස්සේ අන්තර්ජාලයෙන්ද සජීවීව විකාශය කිරීමට නියමිතය. මෙම තරගාවලියේ අවසන් මහා තරගය 2021 ඔක්තෝබර් 31 වැනිදා පස්වරු 4.00ට පොලිස් පාර්ක්හිදී පැවැත්වීමට යෙදී තිබේ. මෙම තරගාවලිය ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු විනිසුරුවරුන්ගේ සංගමය විසින් අධීක්ෂණය කෙරෙනු ඇත.

වොරියර් කුසලාන සත් සාමාජික රග්බි මේ මස අගදී ඇරැඹේ...

ඩයලොග් ආසිආටා පීඑල්සී හි ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී – සන්නාම හා මාධ්‍ය – හර්ෂ සමරනායක මහතා විසින් වොරියර් කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියේ අනුග‍්‍රාහකත්වය, වොරියර් කුසලාන සත් සාමාජික රග්බි මෙහෙයුම් කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා වෙත භාරදුන් අවස්ථාව.

(ඡායාරූපයේ වමේ සිට) සංවිධායක කමිටු සාමාජික වින්ග් කමාන්ඩර් එරන්ද ගීගනගේ, සංවිධායක කමිටු ලේකම් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිසාම් ජමල්ඞීන්, සංවිධායක කමිටු භාණ්ඩාගාරික උදානි එදිරිසිංහ මහත්මිය, මෙහෙයුම් කමිටු සාමාජික ගෲප් කැප්ටන් සුභාෂ් ජයතිලක, මෙහෙයුම් කමිටු සාමාජික රියර් අද්මිරාල් සජිත් ගමගේ, ශ‍්‍රී ලංකා යුද හමුදා රග්බි කමිටුවේ ලූතිනන් කර්නල් සමන්ත සමරසිංහ, සංවිධායක කමිටු සාමාජික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්ෂ්මන් අබේකෝන් සහ ඩයලොග් ආසිආටා සමාගමේ ක‍්‍රීඩා අලෙවිකරණ කළමනාකරු බාලකුමාර් රාමසාමි ද ඡුායරූපයේ වෙති.

කසුන් රණවීර

 

advertistmentadvertistment
advertistmentadvertistment