රොෂාන් මහානාමගේ සත්ක්‍රියාව සමග ජපානයේ නිපෝන් එක්වෙයි….

316

මෙරටින් බිහි වූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයකු වන රොෂාන් මහානාම මහතා සියලු වෘත්තිකයින්ට හා ව්‍යාපාරිකයින්ට ආදර්ශයක් වෙමින් රට පුරා විවිධ ප්‍රදේශවල ආර්ථික අපහසුතාවෙන් පීඩා විඳින ජනතාව සොයා ගොස් ඔවුන්ට පිළිසරණ වීමේ ව්‍යාපෘතියක නිරතව සිටී.

එම ව්‍යාපෘතියට තවත් ශක්තියක් වෙමින් ජපානයේ නිපෝන් පරිත්‍යාග පදනම රොෂාන් මහතා සමග එක්ව මෙම අභියෝගාත්මක කාලසීමාවේ ආර්ථික අර්බුදයෙන් අසරණව සිටින ගම් නියංගම්වල ජනතාව වෙත අත්‍යවශ්‍ය ආහාර පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් ඊයේ (29 දා) ආරම්භ කළේය.

ඒ යටතේ මිරිහාන හා නාවල ප්‍රදේශවල අසරණ පවුල් 110කට අත්‍යවශ්‍ය ආහාර පාර්සල් බෙදා දීම ඊයේ සිදු වූයේ නිපෝන් පදනමේ නිර්මාතෘ සහ සභාපති යුමා මුරනුෂි මහතාගේ හා නිපෝන් පරිත්‍යාග පදනමේ ජාතික අධ්‍යක්ෂ ආචාර්ය රුවන් පෙරේරා මහතාගේ ද සහභාගිත්වයෙනි. ඔවුන් දෙදෙනා සමග එක්ව රොෂාන් මහානාම මහතා අසරණ පවුල් වෙත ආහාර පාර්සල් බෙදා දුන් අයුරු.

සටහන හා ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment