දේශගුණික විපර්යාසයන් පිටුදැකීමේ එක්සත් ජාතීන්ගේ වාර්තාව වෙනස් කිරීමට බලවත් රටවල් පොරකයි

157

ලොවටම තර්ජනයක්ව පවතින දේශගුණික විපර්යාස ගැටලූවට විසඳුම් සෙවීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සකස් කරන ලද ඉහළ වැදගත්කමකින් යුත් විද්‍යාත්මක වාර්තාව වෙනස් කරලීම සඳහා ඔස්ටේ‍්‍රලියාව ප‍්‍රමුඛ රටවල් ගණනාවක් විසින් උත්සාහ දරමින් සිටින බව පිටතට කාන්දු වූ එම වාර්තාව උපුටා දක්වමින් බී බී සී පුවත් සේවය විසින් වාර්තා කර තිබේ. එම පුවත් සේවයට අනුව ඔස්ටේ‍්‍රලියාව, ජපානය හා සවුදි අරාබිය ඇතුළු රටවල් ගණනාවක් විසින් දේශගුණික විපර්යාසයට ප‍්‍රධාන වශයෙන් හේතුකාරක වී ඇති පොසිල (පාෂාණ) – ඉන්ධන භාවිතයෙන් ඉතා ඉක්මනින් ඉවත් වීමේ අවශ්‍යතාවය ඉටු කිරීම පමා කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීම් කර තිබේ.

 කාන්දු වී ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විද්‍යාත්මක වාර්තාවෙන් හරිත පරිසරයක් බිහි කළ හැකි තාක්ෂණයන් වෙත යොමු වීම සඳහා දුගී රාජ්‍යයන්ට මුදල් ලබා දීම පිළිබඳව ද ධනවත් රටවල් විසින් ප‍්‍රශ්න කරමින් සිටින බව හෙළි කර තිබේ. මෙම වාර්තාවෙන් අනාවරණය කර ඇති කරුණු හරහා මෙම මස අවසානයේදී ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේදී ඇරඹීමට නියමිත ‘කෝප් 26’ පරිසර සමුළුවේදී ඇසීම සඳහා ප‍්‍රශ්න නිර්මාණය කර දී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ධනවත් රටවල් විසින් ගෝලීය උණුසුමට හේතු වී ඇති දේශගුණික විපර්යාස ගැටලූව විසඳීම සඳහා ඉදිරිපත් කර ඇති එක්සත් ජාතීන්ගේ නිර්දේශයන් ක‍්‍රියාත්මක වීම ප‍්‍රමාද කිරීමේ වැඩපිළිවෙළක් දියත් කර තිබුණද ග්ලාස්ගෝ සමුළුවේදී දේශගුණික විපර්යාසයන් සිදු වීම අඩු කිරීම සඳහා ඉතා වැදගත් කැපවීම් කරමින් ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1ග5 මට්ටමේ පවත්වාගන්නා ලෙස ඉල්ලා සිටීමට සැලසුම් කර ඇති බ එම මාධ්‍ය විසින් අනාවරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment