ඊයේ වර්ජනය – දුම්රිය 343ක් දුවලා නෑ – හමුදාව සහ පොලිසියේ රැකවරණය මැද දුම්රිය 21ක් දුවයි

222

රෝහල් වැඩ කොටඋඩ
පාසල් නවතී-ආපු ළමයිනුත් හැරී යති

බදු පනතට එරෙහිව, ජීවන වියදම පහත හෙළන ලෙස සහ තවත් ඉල්ලීම් ගණනාවක් මුල්කරගෙන ඊයේ (15 වැනිදා) රටපුරා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අතිශය සාර්ථක බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා කීය.

ඊයේ වර්ජනය - දුම්රිය 343ක් දුවලා නෑ - හමුදාව සහ පොලිසියේ රැකවරණය මැද දුම්රිය 21ක් දුවයි

මර්දනය මගින් සියල්ල යටපත් කර දමන්නට උත්සාහ කරන පාලකයන් වෘත්තීය සමිතිවලට ඇහුම්කම් නොදෙන්නේ නම් පොදු මහජනතාව සමඟ එක්වී ජනතා ප්‍රසාදය නොමැති ආණ්ඩුව ගෙදර යැවීමට ඊළඟ පියවර තබන බවද ඒ මහතා පැවැසීය.

බදු පනත සංශෝධනය කර ජීවන වියදම පහත හෙළන ලෙස හා තවත් ඉල්ලීම් ගණනාවක් මුල්කරගෙන වෘත්තිකයෝ ඊයේ (15 වැනිදා) එක්දින වර්ජනය ක්‍රියාත්මක කළහ.

ඊයේ වර්ජනය - දුම්රිය 343ක් දුවලා නෑ - හමුදාව සහ පොලිසියේ රැකවරණය මැද දුම්රිය 21ක් දුවයි

සෞඛ්‍ය, වරාය, බැංකු, දුම්රිය, ජල, අධ්‍යාපන, තැපැල් යන ක්‍ෂේත්‍රවල වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වර්ජනය සියයට සියයකින්ම සාර්ථක බව ඒ ඒ ආයතනවල වෘත්තීය සමිති නියෝජිතයෝ කියා සිටියහ.

ඊයේ (15 වැනිදා) රටපුරා ක්‍රියාත්මක කළ එක්දින වැඩවර්ජනයට ප්‍රධාන පෙළේ වෘත්තීය සමිති හතළිහකට අධික සංඛ්‍යාවක් එක්ව සිටි බවත් විවිධ ක්‍ෂේත්‍රවල වෘත්තීය සමිති විවිධ ඉල්ලීම් මත ඊට එක්ව සිටි බවත් සමරසිංහ මහතා කීය.

ඊයේ වර්ජනය - දුම්රිය 343ක් දුවලා නෑ - හමුදාව සහ පොලිසියේ රැකවරණය මැද දුම්රිය 21ක් දුවයි

වෘත්තීය සමිතිවලට තර්ජනය කරමින්, බිය වද්දමින් ආණ්ඩුව ගැසට් ගසමින් මර්දනය මුදාහරිනු ලැබුවත් ඒවාට බිය නොවී වෘත්තීය සමිති වර්ජනය සාර්ථකව සිදුකළ බවද ඒ මහතා කීය.

බදු බර, ජීවන වියදම, බැංකු පොලී, විදුලි බිල, ඖෂධ හිඟය, ඖෂධ මිල, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ක්‍ෂේත්‍රවල මතුවී තිබෙන ප්‍රශ්නවලට විසඳුම් ලබානොදෙන පාලකයන් පන්නා දැමීමේ සටන පොදු මහජනතාව සමඟ එකතුවී සිදුකරන බවද ඒ මහතා පැවැසීය.

ඊයේ වර්ජනය - දුම්රිය 343ක් දුවලා නෑ - හමුදාව සහ පොලිසියේ රැකවරණය මැද දුම්රිය 21ක් දුවයි

මෙම වැඩවර්ජනය සංකේත වර්ජනයක් බැවින් ඉදිරියේදී සියලු වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බවද සමරසිංහ මහතා කියා සිටියේය.

දුම්රිය වර්ජනය නිසා ඊයේ (15 වැනිදා) පෙරවරුවේ ධාවනය වී ඇත්තේ දෛනික දුම්රිය ගමන් වාර තුන්සිය හැටහතරෙන් විසිඑකක් පමණකැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්. ඩී. ඒ. ගුණසිංහ මහතා ‘දිවයින’ ට පැවැසීය.

ඊයේ වර්ජනය - දුම්රිය 343ක් දුවලා නෑ - හමුදාව සහ පොලිසියේ රැකවරණය මැද දුම්රිය 21ක් දුවයි

වර්ජනය තිබුණත් ඊයේ (15 වැනිදා) පෙරවරුවේ දුම්රිය ගමන්වාර 21 ක් ධාවනය වූ අතර ඉන් කිහිපයක් බඩු දුම්රිය බවද ඒ මහතා කීය.

කෙසේ වෙතත් ඊයේ උදෑසන ධාවනය කරවූ කාර්යාලයීය දුම්රිය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් සවස ධාවනය කිරීමට සැලසුම් කර තිබූ බවද සාමාන්‍යාධිකාරිවරයා කියා සිටියේය. ඒ අනුව ඊයේ දිනයේ ගමන්වාර තුන්සීය හතළිස් තුනක් අවලංගු වී ඇත.

කෙසේ වෙතත් දුම්රිය කාලසටහන්වලට අනුව ඊයේ පස්වරුවේ ධාවනය කිරීමට සැලසුම් කර තිබූ දුම්රිය ගමන්වාර දහයක් සටහන් වූයේ මෙලෙසිනි.

ප්‍රධාන උතුරු දුම්රිය

කොටුව – රඹුක්කන, කොටුව – මහනුවර, කොටුව – ගනේවත්ත, කොටුව – මහව

මුහුදු බඩ දුම්රිය

මරදාන – අලුත්ගම, මරදාන – බෙලිඅත්ත, මරදාන – ගාල්ල

පුත්තලම මාර්ගය

කොටුව – හලාවත, කොටුව – හලාවත (මන්දගාමී)

කැලණි වැලි මාර්ගය

කොටුව – අවිස්සාවේල්ල

ඊයේ වර්ජනය - දුම්රිය 343ක් දුවලා නෑ - හමුදාව සහ පොලිසියේ රැකවරණය මැද දුම්රිය 21ක් දුවයි

වරාය අධිකාරිය වැඩ වර්ජනයේ නිරතව සිටියදී පාලනාධිකාරිය විසින් නාවික හමුදාව යොදවා නැගෙනහිර පර්යන්තයේ සේවකයන්ගෙන් බලෙන් වැඩ කිරීමට බලපෑම් කිරීම කළ බවත් ඒ නිසා ඊයේ දහවල් වරායේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවූ බවත් වෘත්තීය සමිති පැවැසීය. පසුව වෘත්තීය සමිති පළකළ විරෝධය මත තත්ත්වය සාමාන්‍ය අතට පත්වී ඇත.

මේ අතර ශ්‍රී ලංකා වරාය අධිකාරිය දියත් කළ වර්ජනයද සියයට සියයක් සාර්ථක වූ බව වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා පැවැසීය. අත්‍යවශ්‍ය සේවා සිදුකරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කළ බවද ඒ මහතා කීය. මෙහිදී වරාය සේවකයන් වරාය පරිශ්‍රයේ උද්ඝෝෂණයක නිරත වූ අතර එහිදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් උද්ගත විය.

රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශයට පත්කර තිබූ වර්ජනය නිසා දිවයින පුරා රෝහල්වල කටයුතු සම්පූර්ණයෙන් පාහේ අඩාල වී තිබුණි. එම සංගමය ප්‍රකාශ කළ පරිදි පිළිකා රෝහල, ළමා රෝහල, මාතෘ සායන හා අත්‍යවශ්‍ය හදිසි ප්‍රතිකාර කටයුතු, ඊයේ (15 වැනිදා) පොරොන්දු වූ ආකාරයටම සිදු කිරීමට වෛiවරුන් පියවර ගත් බව වෛi සංගමය පැවැසීය.

ගුරු විදුහල්පතිවරුන් ඊයේ (15 වැනිදා) දිනයේ ක්‍රියාත්මක කළ වැඩවර්ජනය සියයට සීයක්ම සාර්ථකවූ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා “දිවයින” ට ඊයේ (15 වැනිදා) පැවැසීය.

ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ඊයේ දිනයේ කිසිදු අධ්‍යාපන කටයුත්තක නිරත නොවූ බවත්, පාසල් සිසු දරු – දැරියන් පාසල් වෙත නොපැමිණි බවත් පාසල් වෙත පැමිණි සමහර දරුවන් ආපසු හැරී ගිය බවත් හෙතෙම කීය.

ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ හඬට ආණ්ඩුව දැන්වත් කන්දිය යුතු බවද හේ කියා සිටියේය.

ගුරු හා විදුහල්පතිවරුද මෙම වර්ජනයට එක්වීම නිසා ඊයේ දිවයින පුරා පාසල් අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන් පාහේ නතර වී තිබිණි. පවත්වමින් තිබූ වාර විභාග කල්දමා නිවාඩු ලබාදීම නිසා දරුවන් පාසල්වලට පැමිණ සිටියේද නැත. උතුරු – නැගෙනහිර පළාත්වලද වර්ජනය ක්‍රියාත්මක වූ අතර නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා අකිල කනගසූරියම් මහත්මිය සඳහන් කළේ පාසල් සියයට 90 ක්ම වසා දමා තිබූ බවයි. උතුරු පළාතේද පාසල් වලින් සියයට 90 ක් වසා දමා තිබුණි. අනෙකුත් පළාත්වල පාසල්වලට දරුවන් යම් ප්‍රමාණයක් පැමිණියද පාසල්වල ගුරුවරුන් නොමැති නිසා ඔවුන්ද ආපසු නිවාස වෙත ගොස් තිබේ.

තැපැල් සේවකයන් 2600 ක්ද ලෙඩ නිවාඩු දමා වර්ජනයට එක්ව සිටි අතර කොළඹ මධ්‍යම හුවමාරුව ඇතුළු අනෙකුත් ප්‍රාදේශීය කාර්යාල වසා දමා තිබූ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතියේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා කීය. තැපැල් සේවක වර්ජනය සියයට සියයක් සාර්ථක වූ බවද හෙතෙම කීය.

රටේ විදුලි සැපයුමට බාධාවක් සිදු නොවුනත් ලංවිම සේවකයන් 24,000 ක් පමණ ලෙඩ නිවාඩු දමා වර්ජනයට එක්ව සිටියහ. අත්‍යවශ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යාමට ක්‍රියාකරමින් විදුලිය අඛණ්ඩව ලබාදුන් බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පැවැසීය.

තෙල් සංස්ථා (සිපෙට්කෝ) හා තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම (සීපීඑස්ටීඑල්) සේවකයින් 4200 ක් පමණ වර්ජනයට සහාය දක්වන බව ඇතැම් වෘත්තීය සමිති පැවසුවත් තෙල් බෙදැහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවී ඇත. වර්ජනය ක්‍රියාත්මක වූ ඊයේ (15 වැනිදා) පමණක් නොව අද (16 වැනිදා) දිනයේත් රට තුළ කිසිදු තෙල් හිඟයක් ඇති නොවනු ඇතැයි ඉන්ධන හල් හිමියන්ගේ සංගමය කියා සිටියේය.

පෙට්‍රල් හා ඩීසල් ලීටර් 6600 ක් අඩංගු බවුසර් 300 ක් රටපුරා බෙදාහැරීමට සියලු කටයුතු යොදා තිබූ බව තෙල් සංස්ථා සභාපති උවයිස් මොහොමඩ් මහතා කීය.

රාජ්‍ය බැංකුවල කටයුතුද සෑහෙන දුරට අඩාලව තිබූ බව වෘත්තීය සමිති කියා සිටියහ. නමුත් ලංකා බැංකු සාමාන්‍යාධිකාරි රසල් ෆොන්සේකා මහතා කියා සිටියේ ලංකා බැංකු ශාඛා 265 කම කටයුතු සිදුවූ බවය. මහජන බැංකු වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි ක්ලයිඩ් ෆොන්සේකා මහතා සඳහන් කළේ මහජන බැංකු ශාඛා 340 න් 272 කම වැඩ සාමාන්‍ය පරිදි සිදුවූ බවයි.

රාජ්‍ය අංශයට අදාළව ඊයේ (15 වැනිදා) වැඩවර්ජනයක් ක්‍රියාත්මක වූවත් පෞද්ගලික බස් ගමනාගමනය වෙනදාටත් වඩා ඉතා සාර්ථක වූ බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා “දිවයින” ට ඊයේ (15 වැනිදා) පැවැසීය.

ඒ අනුව ඊයේ දිනයේ දිවයින පුරා පෞද්ගලික බස් රථ සියයට අසූවකටත් වැඩි ප්‍රමාණයක් ධාවනය වූ බවද හෙතෙම කීය.

වර්ජනයන් නොතකා බස් සේවාව මගී ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කලේ රජයේ ආයතනවලට මෙන්ම පෞද්ගලික බස් සේවාවට මාසිකව වැටුප් නොලැබෙන නිසා බවද ඔහු සඳහන් කළේය.

ගැමුණු විජේරත්න මහතා මෙසේද කීය.

“රජයේ සේවකයින් කිසිම ලැජ්ජාවක් නැතිව නියමිත දිනයට වැටුප් ගන්නවා. තව වැඩවර්ජනත් කරනවා. අපි වැඩ වර්ජන කළාට අපිට වැටුපක් ලැබෙනවාද? අපිට වැඩ වර්ජන කරන්න කියලා කාටවත් නියෝග දෙන්න බැහැ. අපිට කවුද ඔය විදිහට වැටුප් දෙන්නේ. රජයේ ඉන්න වෘත්තීය සමිති ටික කෑගහන්නේ තම තමන්ගේ ඉල්ලීම් වලට. එහෙම නැතිව රටේ ජනතාවගේ ප්‍රශ්න ගැන නෙවෙයි කතා කරන්නේ. අපි බස් දිව්වොත් සල්ලි හම්බ වෙනවා. දිව්වේ නැත්නම් පවුල් ඔක්කොම බඩගින්නේ. ඊයේ බස් රථ සියල්ලම ධාවනය කළා. නමුත් වෙනදාට වඩා සියයට 10 කින් ආදායම අඩුයි. මොකද වැඩවර්ජන නිසා පාසල් යන දරුවෝ, රස්සාවට යන අය බස්වල එන්න බය වුණා. ඒක තමයි අපිට තිබුණු ප්‍රශ්නය.
ශිරාන් රණසිංහ, චමින්ද සිල්වා, අකිත පෙරේරා, නෝමන් පලිහවඩන, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment