උ/පෙළ කෘෂිකර්මය 1 වැනිදා – පාසල් ආරම්භය පෙබරවාරි 5 දා

41

රජයේ සහ රජයේ අනුමත පාසල්වල තෙවැනි වාරයේ අවසන් අදියර පෙබරවාරි 05 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය » සහ »» පිටවීම නිසා එය නැවත පෙබරවාරි 01 වැනිදා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙන අතර එම හේතුවෙන් පාසල් ආරම්භය 05 වැනිදා තෙක් කල්දමා ඇත. 2023 පාසල් වර්ෂයේ තෙවැනි වාරයේ දෙවන අධියර 2024 පෙබරවාරි 16 දින අවසන් වේ.

උසස් පෙළ විභාගය ජනවාරි 31 අවසන් වී පෙබරවාරි 02 වැනිදා නැවත පාසල් වාරය ආරම්භ කිරීමට නියමිතව තිබිණි.

එහෙත් උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පළමු සහ දෙවන ප්‍රශ්න පත්‍ර පිටවීම නිසා එම විෂයට අදාළව විභාගය පෙබරවාරි 01 වැනිදා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කර ඇත.

කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටස පෙබරවාරි 01 බ්‍රහස්පතින්දා උදෑසන 8.30 සිට 11.40 දක්වා ද, එම විෂයේ පළමු කොටස පස්වරු 1.00 සිට පස්වරු 3.00 දක්වා ද පැවැත්වේ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment