ඉන්දියාවයි ලංකාවයි භේද කරන්න චීනය වැඩ කරලා නෑ- ජනපති ඉන්දිය මාධ්‍යයට කියයි

53

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර බෙදීමක් ඇති කිරීමට චීනය කිසිවිටකත් කටයුතු කර නැතැයි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

ජනපතිවරයා මේ කරුණු පවසා ඇත්තේ ඉන්දීය වියොත් රූපවාහිනිය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදීය.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සබඳතා ඉතා හොඳින් වර්ධනය වී ඇති බවත් ආර්ථික අර්බුදය සමයේදී ඉන්දියාව ලබාදුන් ආධාර පිළිබඳව ශ්‍රී ලංකාව ස්තුතිවන්ත වන බවත් මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පවසා ඇත. එසේම ඉදිරි ජනපතිවරණයට තරග වැදීමට තමන් සූදානම් බව ද ජනපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment