හඳගමගේ ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්මක් ඉන්දියානු ලෝක චිත්‍රපට උළෙලේදී

203

කල්කටාහි ඉන්දීය සිනමා සමාජ එකමුතුව (පෙරදිග අංශය) Federation of Film Societies of India (Eastern Region) විසින් පවත්වන පළමු ලෝක චිත්‍රපට උළෙලේදී ශ්‍රී ලාංකීය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගමයන්ගේ ප්‍රත්‍යාවලෝකන චිත්‍රපට දැක්මක්ද පැවැත්වීමට සංවිධායක මණ්ඩලය විසින් තීරණය කොට ඇති බව වාර්තා වේ. හඳගම විසින් අධ්‍යක්ෂණය කරන ලද අසන්ධිමිත්තා, ඇගේ ඇස අග, අල්බොරදා, අක්ෂරය හා ඉනි අවන් යන චිත්‍රපට මෙම උළෙලේදී ප්‍රදර්ශනය කෙරේ. 2022 සැප්තැම්බර් මස 20 වනදා සිට 24 වනදා කල්කටාහි නන්දන් සිනමා මධ්‍යස්ථාන පරිශ්‍රයෙහි අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිත මෙම උළෙලෙහි අනුග්‍රාහකත්වය IFFS International Federation of Film Societies හි ආසියා පැසිෆික් අංශය විසිනි.

ජාත්‍යන්තර සිනමා කවුළුව, ඉන්දියානු පැනොරාමා දැක්ම, අශෝක හඳගම සිනමා ප්‍රත්‍යාවලෝකනය, උත්තමාචාරය හා අධ්‍යක්ෂවරයාගේ ප්‍රථම චිත්‍රපටය සඳහා වූ සම්මාන ප්‍රදානය යන අංගවලින් උළෙල සමන්විත වේ. Fipresci- India Award නම් වූ මෙම සම්මානය ඉහත සඳහන් සියලු අංශවලින් තෝරා ගන්නා අධ්‍යක්ෂවරයාගේ පළමු හොඳම චිත්‍රපට සඳහා පිරිනැමෙන අතර ප්‍රශස්ත පළමු හා දෙවන ලෙස සම්මාන ද්විත්වය බැගින් පිරිනමනු ඇත. උත්තමාචාර අංශය සඳහා තෝරාගෙන ඇති රට වනුයේ බංගලාදේශය වන අතර එරට නිදහස් අරගලයට 50 වසරක් පිරීම නිමිත්තෙන් බංගලාදේශය උත්තමාචාරයෙන් පිදුම් ලබන්නේය. ඉන්දීය පළමු ලෝක සිනමා උළෙල පිළිබඳ වැඩි විස්තර නුදුරේදීම නිවේදනය කරන බව Federation of Film Societies of India (Eastern Region) පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment