නේපාල පොකාරා ගුවන්තොටුපළේ ගුවන් යානා ගොඩබෑමේ උපකරණ පද්ධතියක් තිබුණේ නැහැ

467

රජය තොරතුරු වසන් කළ බව හෙළිවෙයි

නේපාලයේ පොකාරා ගුවන්තොටුපළේ ගුවන් යානා ගොඩබැස්සීම සඳහා වූ උපකරණ පද්ධතියක් නොතිබූ බව හෙළිවී ඇත.

මේ බව නේපාල සිවිල් ගුවන් සේවා අධිකාරිය පිළිගෙන තිබේ. පසුගිය ජනවාරි 8 දා විවෘත කළ පොකාරා ගුවන්තොටුපළේ ගුවන් යානා ගොඩබැස්සීමේ පද්ධතිය සවිකිරීමට නියමිතව ඇත්තේ ලබන පෙබරවාරි 26 දායි. එහෙත් බලධාරීන් එම තොරතුරු වසන් කර ඇත. පොකාරා ගුවන්තොටුපළ වෙත පැමිණෙමින් සිටි ජෙට් යානාව කඩාවැටී ඇත්තේ ධාවන පථයට සැතපුමක් පමණ තිබියදීය.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment