ADB විසින් තුන්වන වසරටත් ‘ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හවුල්කාර බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව නම් කරයි

34

ජාතික ආර්ථිකය සඳහා බැංකු ක්ෂේත්‍රයේ තම දායකත්වය යළි තහවුරු කරමින්, වෙළඳ හා මූල්‍ය ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවේ සිය ‘ප්‍රමුඛතම හවුල්කාර බැංකුව’ ලෙස ආසියානු සංවර්ධන බැංකුව (ADB) කොමර්ෂල් බැංකුව නැවත වරක් ප්‍රකාශයට පත් කර ඇත.

ආසියානු ක්ෂාන්තිකර කළාපයේ වෙළෙඳ කටයුතු සඳහා ප්‍රමුඛ පෙලේ හවුල්කාර බැංකුවල දායකත්වය ඇගයීමට ලක් කෙරෙන ආසියානු සංවර්ධන බැංකුවේ වෙළෙඳ හා සැපයුම්දාම මූල්‍ය වැඩසටහනේ (TSCFP) සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුව මෙම සම්මානයෙන් පිදුම් ලැබූ අඛණ්ඩ තුන්වන වසර මෙයයි. 2023 සම්මාන උළෙල සිංගප්පූරුවේ ජෙන් සිංගප්පූරු ටැන්ග්ලින් ශැන්ග්‍රිලා හිදී පැවැත්විණි.

2022 ජූලි 01 වැනිදා සිට 2023 ජුනි 30 වැනිදා දක්වා කාලය තුල ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සහාය ඇතිව ශ්‍රී ලංකාවේ වෙළෙඳ හා සැපයුම්දාම මූල්‍ය ක්ෂේත්‍රයේ වැඩිම ගනුදෙනු සංඛ්‍යාවක් වාර්තා කිරීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව වෙත මෙම සම්මානය පිරිනමන ලදී. ADB TSCFP සම්මාන උළෙලේදී කාණ්ඩ 15ක් යටතේ හඳුනා ගත් බැංකු 25 අතරට කොමර්ෂල් බැංකුවද ඇතුළත් විය.

කොමර්ෂල් බැංකුවේ අපනයන අංශයේ ප්‍රධානී ලෝරියන් සෝමනාදර් මහතා බැංකුව වෙනුවෙන් ADB TSCFP සම්මානය පිළිගන්වන අයුරු ඡායාරූපයෙන් දැක්වේ..

advertistmentadvertistment
advertistmentadvertistment