ලන්සාගෙන් සන්ධානයක් – පක්‍ෂ කාර්යාලයකට තැනකුත් බලයි

970

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතාගේ මූලිකත්වයෙන් සහ දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන් පිරිසගේ සහභාගිත්වයෙන් ආරම්භ කිරීමට නියමිත නව දේශපාලන ව්‍යාපාරයේ නිල කාර්යාලය ඉදිරි සතියේ රාජගිරිය ප්‍රදේශයේ දී ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

නව දේශපාලන ව්‍යාපාරයක් පිහිටුවීමේ මෙම කටයුත්තට ලන්සා මහතාට අමතරව අනුර ප්‍රියදර්ශන යාපා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුන් ද එක්ව සිටින බව එහි ප්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන් හතළිහකට ආසන්න සංඛ්‍යාවක් මෙම නව ව්‍යාපාරයට එක් වීමට නියමිත බවත් එම සංඛ්‍යාව 50ක් දක්වා වැඩිකර ඉදිරි දේශපාලන කටයුතු ලබන ජනවාරි මාසයේ දී පමණ ආරම්භ කිරීම නියමිත බවත් ඉහත ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment