රෝගීන්ට ඇස්ප්‍රීන් දීම අත්හිටුවයි – කැනියුලා වර්ගයකුත් ඉවත් කෙරේ

333

හෘද රෝගීන් සඳහා ලබාදෙන ඇස්ප්‍රින්වල නිසි මාත්‍රාව අඩංගු නොවන නිසා එම ඇස්ප්‍රින් රෝගීන්ට ලබාදීම වහාම නතර කර දමන ලෙස වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්‍ෂ කපිල වික්‍රමනායක මහතා චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබේ.

මීට අමතරව වකුගඩු රෝගීන්ගේ කාන්දු පෙරණ සඳහා භාවිත කරන විශේෂ කැනියුලා වර්ගයක් ද (AV fistula knnula) ප්‍රමිතිය නිසි පරිදි නොමැති නිසා රෝහල්වලින් ඉවත් කිරීමට වෛද්‍ය සැපයුම් අංශය පියවර ගෙන තිබේ.

මෙරට නිෂ්පාදනය කරන හා ආනයනය කරන ඖෂධ හා වෛද්‍ය උපකරණ පිළිබඳ නියාමනය කිරීමට ස්ථාපිත කරන ඖෂධ නියාමන අධිකාරිය මෙම ඖෂධ පිළිබඳ සොයා නොබැලූ බවත් ඒ නිසා ඉකුත් කාලයේ බාල ඖෂධ හා උපකරණ විශාල වශයෙන් රෝහල්වලට නිකුත් කර තිබෙන බවටත් වෛද්‍ය සංගම් චෝදනා කරති.

රජයේ රෝහල්වල රෝගීන්ට ලබාදීමට තිබෙන ඇස්ප්‍රින් පෙතිවල ඇස්ප්‍රින් නිසි පරිදි අඩංගු නොවන්නේ නම් අනෙක් ඖෂධ පිළිබඳ ගැටලු මතුවී තිබීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය පමණක් නොව අදාළ ඉහළ නිලධාරීන් ද වගකිවයුතු බව වෛද්‍ය සංගම් කියා සිටිති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment