කැනයුලාවෙන් විෂබීජ ශරීරගත වී පානදුර රෝහලේදී ඖෂධ අධිකාරියේ සේවකයා මරුට

319

අසාධ්‍ය රෝගියා මාරු කරන්නත් සුදුසු රෝහලක් සොයා ගන්න බැරිවෙලා

සේලයින් ලබාදීම සඳහා භාවිත කළ කැනියුලා එකක් ආසාදනය වී පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඖෂධ නියාමන අධිකාරියේ කළමනාකාර සහායක වරයෙක් පෙරේදා (13 දා) මියගොස් ඇති බව පානදුර රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

මියගොස් ඇති තැනැත්තා සති දෙකකට පමණ පෙර උණ රෝගය වැළඳී ගාල්ල ප්‍රදේශයේ රජයේ රෝහලකට ඇතුළත් කර ඇති බවත්, එහිදී සේලයින් ලබාදීම සඳහා කැනියුලා එකක් භාවිත කර ඇති අතර එය ආසාදනය වී විෂබීජ ශරීරගතව ඇති බවත් උසස් සෞඛ්‍ය බලධාරියෙක් පැවසීය.

ඒ අනුව සේලයින් ලබාදීම සඳහා භාවිත කළ කැනි්‍යුලාව මගින් සිදුවූ ආසාදනය මරණය සඳහා හේතුවන්නට ඇති බවට සැක පළකරන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පානදුර මූලික රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකාවක් සඳහන් කළේ රෝගියා තම රෝහලට ඇතුළත් කිරීමට පෙර කැනියුලා එක ලබාදී ඇති බවත්, ඔහු හදවත් රෝගියෙකු බැවින් වෙනත් රෝහලකට මාරුකර යැවීමට උත්සාහ කළ නමුදු එවැනි රෝහලක් සොයා ගැනීම අපහසු වූ බවත්ය.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment