ඒටීඑම් මැෂිමෙන් සල්ලි ගන්න ඊපීඑෆ් නම්බරේ ගහලා

556

පතිරත්න තරමක් ලෝභය. තරමක් කියන්නේ දරුවන්ට යමක් කමක් අරගෙන දෙන්නට පවා දෙවරක් නොව දහතුන් වතාවක් කල්පනා කරයි. ඒ ඔහුගේ හැටිය.

 ‘තාත්තේ අද කොත්තු කමු’ දරුවන් ? කෑමට කොත්තු ෆරයිඞ් රයිස් ඉල්ලූ විට ඔහු කියන්නේ පුතේ ඕවා කන්න හොඳ නෑ කියාය.

 ‘ ඕයි අවුරුද්දට ළමයෙකුට ඇඳුමක් දෙකක්වත් අරගෙන දෙන්නෙ නැද්ද?’ බිරිඳ ඊයේ පෙරේදා දිනක ඇසුවේ පොඩි දරුවන් තිදෙනාට අඩුම තරමින් රෙදි කඩමල්ලක් අරන්දීම කළ යුතුම නිසාය.

 මේ දිනවල කොයි කාටත් ආර්ථික අමාරුකම් ඇත. පතිරත්නලාට වතුපිටි ඉඩකඩම් තිබෙන නිසා ඒ හැටි මුදල් ප‍්‍රශ්න නැත. ඔහු පුද්ගලික ආයතනයක රස්සාවක් කරන නිසා ඉන්ද මාසික වැටුපක් ගනී.

 පතිරත්න මේ කියන දවසේ හිටියේ නිවසේ වහල මතය.

 ‘අන්න මගේ පර්ස් එකේ බැංකු කාඞ්පත ඇති’ ඔහු කීවේ වහලය මත වැඩකරන අතරය.

 බැංකු කාඞ්එක අතට ගත් බිරිඳ රහස්‍ය අංකය (පින් නම්බරය) ඉල්ලූයේ කුලී ති‍්‍රරෝද රථයක්ද මිදුලේ නවත්වද්දීය. 4238 පතිරත්න කී රහස් අංකය බිරිඳ කඩදාසි කෑල්ලක ලියා ගත්තාය.

 ටවුමේ පිහිටි බැංකුවට ගිය ඇය ඒටීඑම් යන්ත‍්‍රයට බැංකු කාඞ්පත ඔබා තුන්වරක්ම රහස්‍ය අංකය ඇතුළත් කළාය. බැංකු කාඞ්පත එහි නතර විය.

 යළි නිවසට ආ බිරඳ ඒ බව කියා රහස් අංකයද පෙන්වීය.

 ‘ ඕයි ඔය මගේ ඊපීඑෆ් අංකයනේ’ අන්තිමට පතිරත්නම බැංකුවට ගොස් හැඳුනුම්පත හා බැංකු පොත පෙන්වා කාඞ් එක ආපසු ගත්තේ ෂොපින් යෑම ඊළඟ වසරට කල්දමමිනි.

 – පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment