කෘත්‍රිම බුද්ධි සක්‍රිය කුණු බෝට්ටුවක් ඉන්දියාව නිපදවයි

357

ඉන්දියාවේ ගෝතමී ගග පිරිසිදු කිරීම සදහා ලක්නව් දිස්ත්‍රික් පරිපාලන විසින් කෘත්‍රිම බුද්ධි සක්‍රිය කුණු බෝට්ටුවක් හදුන්වා දී ඇත.එය අත්හදාබැලීමක් පසුගියදා සිදුවිය.ලක්ෂ්මන් මේලා ගැට්හිදී ප්‍රාදේශීය කොමසාරිස් රොෂාන් ජේකබ් සහ පරිසරය ලේකම් අශීෂ් තිවාරිගේ ප්‍රධානත්වයෙන් එය සිදු කරන ලදි. නවෝත්පාදන ප්‍රතිපත්ති සහ සමාජ වෙනස සදහා මධ්‍යස්ථානය විසින් මෙය නිර්මාණය කර ඇත.මෙම ස්වයංක්‍රීයව ක්‍රියාත්මකවන බෝට්ටුවට අවශ්‍ය විදුලි බලය උත්පාදනය කරන්නේ එහි ඇති සූර්ය කෝෂ පද්ධතිය මගිනි. මෙමගින් වරකට කසල කිලෝ 200ක් රැගෙන යා හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment