පිලපිටිය ජනපති විද්‍යාලයේ හිරුණි බිනෝද්‍යා ඇවිදීමෙන් ලෝක වාර්තාවක් තියයි

20

කැලණිය පිලපිටිය ජනාධිපති විද්‍යාලයේ 03 වන වසරේ ඉගෙනුම ලබන ජී. හිරුණි බිනෝද්‍යා ශිෂ්‍යාව පසුගියදා කි.මී.10ක් ඉතා කෙටි කාලයක් තුළ වේගවත්ව ඇවිද ලෝක වාර්තාවක් තැබීය.

රටවල් 26ක සහභාගිත්වයෙන් පවත්වනු ලැබූ මෙය චෝලන් බුක් ඔෆ් වර්ල්ඩ් රොකෝඩ් සංගමය මගින් පැවැත්විණි.

ඇය වෙනුවෙන් විද්‍යාල පරිශ්‍රයේදී ගෞරව උපහාර දැක්වීමේ විශේෂ උත්සවයක් පවත්වා රන් පදක්කම්, කුසලාන සහ සහතික පත්‍ර පිරිනමන ලදී. ඡායාරූපයෙන් දැක්වෙන්නේ ජී. හිරුණි බිනෝද්‍යා ශිෂ්‍යාව ගෞරව සම්මාන ලැබීමෙන් අනතුරුව විදුහල්පති ජී. ජී. එස්. එස්. චන්‍ද්‍රසිරි මහතා, නියෝජ්‍ය විදුහල්පතිනියන්, ආචාර්ය මණ්ඩලයේ ගුරු භවතුන් ද ශාන්ත ජෝන් ගිලන් රථ සේවයේ නිලධාරීන් මෙන්ම තම දෙමාපියන් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

නන්දලාල් සමරවීර – කැලණිය අතිරේක

advertistmentadvertistment
advertistmentadvertistment