හිටපු රාජ්‍ය සේවිකාවක් පවත්වාගෙන ගිය සූදු පොළක් වටලයි

71

හිටපු රාජ්‍ය සේවිකාවක් තම නිවසේ මහා පරිමාණ ලෙස සූදු පළක් පවත්වාගෙන යමින් සිටියදී සැකකරුවන් නව දෙනකු හා රුපියල් එක් ලක්ෂ හතළිස් තුන්දහසක් සමග කාර් රථයක්, ත්‍රිරෝද රථයක් හා යතුරුපැදි හතරක් අත්අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඇතාකඩ, මිහින්තලේ, කරපික්කඩ, ගල්වලපාර මැදවච්චිය, වහමලුගොල්ලෑව, කිරිගල්ලෑව සහ ලිඳවැව යන ලිපිනයන්වල පදිංචිකරුවන්ය.

මැදවච්චිය නගරයේ පිහිටි දෝනි නැමති අනුවර්තන නාමයෙන් හඳුන්වන ප්‍රධාන සැකකරුගේ නිවසේ පෙරේදා (13) සවස මහා පරිමාණ ලෙස මෙම සූදු පළ පවත්වාගෙන යන බවට තොරතුරක් මැදවච්චිය පොලිස් ස්ථානාධිපතිට ආර්.එම්.අයි.බී. රත්නායක මහතාට ලැබී ඇත. මෙම සූදු පළ මැදවච්චිය නගරයේ ටික කලක සිට පවත්වාගෙන ගොස් ඇත.
මැදවච්චිය – ගයාන් උතුරුමැද

advertistmentadvertistment
advertistmentadvertistment