ලංකාවේ චිත්‍රපට පහක් ඩකා යන්න සැරසෙයි

255

Rainbow Film Societiy මගින් සංවිධානය කරනු ලබන 1992 වර්ෂයේ ඇරඹි 21 වැනි ඩකා ෆිල්ම් ෆෙස්ටිවල් :(21st DIFF) එළැඹෙන 14 වැනිදා සිට 22 වැනිදා දක්වා බංග්ලාදේශයේ ඩකා නුවර දී පැවැත්වේ. මෙවර තේමාව වී ඇත්තේ හොඳම චිත්‍රපටය” වඩා සාර්ථක සිනමා කර්මාන්තයක් ඇති කිරිම වෙනුවෙන් හොඳ ප්‍රේක්‍ෂකාගාරයක් නිර්මාණය කිරිමයි.

ලංකාවේ චිත්‍රපට පහක් ඩකා යන්න සැරසෙයි

Asian Competition, Retrospeetive Tribute, Wide Angle, Bangladesh Panrama Section, Cinema of the world, Women film Makers childrens Film” short and Independent Spiritual Films යන කාණ්ඩ දහය යටතේ මෙම උළෙලට චිත්‍රපට අධ්‍යක්‍ෂවරුන්ට නිෂ්පාදකවරුන්ට සහභාගි විය හැකි ය.

Dhaka International Film Festivelහී තිබෙන විශේෂත්වය වන්නේ මෙම උළෙලට ඉදිරිපත් කරනු ලබන සියලුම චිත්‍රපට මෙම සම්මාන උළෙල නියෝජනය කරනු ලබන විශේෂ රැඟුම් පාලක මණ්ඩලයක් විසින් අනුමත කරනු ලැබීම ය. අනෙක් කරුණ වන්නේ මෙම මණ්ඩලය විසින් චිත්‍රපටවල ඇතුළත් අසැබි දර්ශන වගේම සමලිංගික” ලිංගික දර්ශන වගේම සියලුම ආගම් ගැරහීමට ලක්වන දර්ශන වගේම විවේචනයට ලක් කරනු ලබන දර්ශන ගැන විශේෂ අවධානයක් යොමු කිරීම ය.

ලංකාවේ චිත්‍රපට පහක් ඩකා යන්න සැරසෙයි

මෙවර මෙම සිනමා උළෙලේ ශ්‍රී ලංකාවට ඇති විශේෂත්වය වන්නේ ඛාණ්ඩ හතරක් යටතේ මෙරට චිත්‍රපට පහක් සහ වාර්තාමය චිත්‍රපටයක් නිර්දේශ වී තිබීමය. Asian film Competition ඛාණ්ඩය යටතේ චිත්‍රපට 23ක ගොන්නට මෙරට චිත්‍රපට දෙකක් තේරී පත්වී ඇත.

ඒ ප්‍රකට රුසියානු සාහිතකරු චිංගීස් අයිත්මාතව් කිර්ගීසියානු බසින් රචිත පළමු ගුරුවරයා (The first teacher) නව කතාව ඇසුරින් නිර්මාණය කරන ලද ගුරු ගීතය සිනමා කෘතිය යි. මෙය උපාලි ගම්ලත්ගේ දෙවැනි සිනමා අධ්‍යක්‍ෂණය වන අතර නිෂ්පාදනය ආචාර්ය ආරෝෂ ප්‍රනාන්දු ගෙනි. ගුරු ගීතයට රංගන දායකත්යෙන් රොෂාන් රවීන්ද්‍ර” කල්පනී ජයසිංහ” දමයන්ති ෆොන්සේකා” හයිසින්ත් විජේරත්න” ගාමිණී හෙට්ටිආරච්චි ලංකා බණ්ඩාරනායක” ජෙහාන් ශ්‍රී කාන්ත් ඇතුළු පිරිසක් සහභාගි වෙති.

ලංකාවේ චිත්‍රපට පහක් ඩකා යන්න සැරසෙයි
සිරිමාවෝ මැතිනියගේ වාර්තාමය චිත්‍රපටයටත් අවස්ථාවක්

අනෙක් චිත්‍රපටය වන්නේ මීට දෙවසරකට පෙර තිරගතවූ කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල අධ්‍යක්‍ෂණ කළ ‘ද නිව්ස් පේපර්. චිත්‍රපටය යි. ගයාත්‍රි කේමදාසගේ සංගීතයෙන් වර්ණවත්වූ මෙම චිත්‍රපටය ඇමැති බන්දුල ගුණවර්ධන” රවීන්ද්‍ර ගුරුගේ” එච්. ඩී. ප්‍රේමසිරි ගේ නිෂ්පාදනයකි. මෙම චිත්‍රපටය පසුගිය කාලයේ මෙරට පමණක් නොව අන්තර් ජාතික සිනමා සම්මාන උළෙලවලදී ඇගයීමට ලක්වූ චිත්‍රපටයකි.

Cinema of the World ඛාණ්ඩයට චිත්‍රපට 45ක් තේරීපත්වී ඇති අතර අංක 37 සහ 38 යටතේ මෙරට චිත්‍රපට දෙකකට එම අංශය නියෝජනය කිරීමට ද අවස්ථාව උදාවී තිබේ.

ප්‍රවීණ නාට්‍යකරුවකු වන එම්. සෆීර් පළමු වරට අධ්‍යක්‍ෂණය කරන ලද මම නෙමෙයි චිත්‍රපටය මේ සඳහා තේරී පත්වී තිබේ.

ලංකාවේ චිත්‍රපට පහක් ඩකා යන්න සැරසෙයි

මම නෙවෙයි චිත්‍රපටයේ ප්‍රවිණ රංගනවේදී දිල්හානි ඒකනායක හා ප්‍රවීණ රංගවේදී සංජීව උපේන්ද්‍ර රංගනයෙන් දායක වේ. කැමරාකරණය සුරත් බෝපිටිය වන අතර සංස්කරණය අසංක වික්‍රමසිරි විසිනි. සංගීතය දුමිඳු කඩිගමුව ගෙනි. රේඛීය නිෂ්පාදනය එම්. සෆ්රාස් ය. මහිල් මධුසංක” තරිඳු ඉලේපෙරුම” සම්පත් රාජපක්ෂ” නිරෝෂ් කවිරත්න සහ සුජීව පතිනිසේකර මම නෙවෙයි චිත්‍රපටය සඳහා නිෂ්පාදනයෙන් දායක වෙයි. එසේම මෙම උළෙලට සමගාමීව පැවැත්වෙන ටෙස්ට් මීට් ඊස්ට් ස්ක්‍රීන් ප්ලේ ලැබ් දකුණු ආසියානු ව්‍යාපෘතියේ තේරීම් කමිටු සාමාජිකයකු ලෙස ද කටයුතු කිරීමට එම්. සෆීර්ට ආරාධනා කර ඇත.

ලංකාවේ චිත්‍රපට පහක් ඩකා යන්න සැරසෙයි

රුසියාවේ Yalta Eurasian bridge සිනමා සම්මාන උළෙල හැනෝයි අන්තර් ජාතික සිනමා සම්මාන උළෙල” 27 වැනි කේරළ අන්තර් ජාතික ආදි සිනමා උළෙල රැසක් නියෝජනය කළ අරුණ ජයවර්ධන අධ්‍යක්‍ෂණය කළ ඉන්ද්‍රජිත් සිල්වා” නිෂ්පාදනය කළ ‘මාරියා. චිත්‍රපටය ද මෙම කාණ්ඩයට ම ඇතුළත් වී තිබේ. මෙම චිත්‍රපටයේ සුවිශේෂත්වය වන්නේ කිසිදු නිළියක් නොමැතිව නළුවන් හත්දෙනෙකු පමණක් සහභාගි කර ගැනීම ය. අනෙක් කරුණ වන්නේ හැනෝයි අන්තර් ජාතිනක සිනමා සම්මාන උළෙලේ දී මෙම නළුවන් හත්දෙනාට හොඳම නළුවාට හිමි සම්මානය ද හිමිකර ගැනීම ය.

ලංකාවේ චිත්‍රපට පහක් ඩකා යන්න සැරසෙයි

ඔය අතර Spiritual Film Section ඛාණ්ඩය යටතේ 1544 වර්ෂයේ දී සිදුවූ මහා කිතුනු සංහාරයත් ඉන්පසු 1560 වර්ෂයේ දී සිදුවූ ඒ සංහාරයට ම අදාළ සත්‍ය සිද්ධි දාමයත් පාදක කරගෙන නිර්මාණය වුණු සංජය නිර්මාල් සිනමාකරුවා ගේ ‘ප්‍රාණ. සිනමා කෘතිය නිර්දේශ වී තිබේ. ප්‍රාණ ජානක පෙරේරා ගේ නිෂ්පාදනයක් වන අතර මේ සඳහා ටේ්‍ර හික්ස්” ශ්‍යාම් ප්‍රනාන්දු” නිරංජනී ෂන්මුගරාජා රංගනයෙන් දායක වේ. මෙම චිත්‍රපටය තිරගතවීමට දිනක් ඉතිරිව තිබිය දී මෙහි සංකිලි රජුගේ චරිතයට ජීවය දුන් දර්ශන් ධර්මරාජ් ‘ප්‍රාණ. නො දැකම ඔහුගේ ප්‍රාණය නිරුද්ධ විය. මෙම සිදුවීම මෙරට සිනමාවට පමණක් නොව” ටෙලිනාට්‍ය කලාවට ද සිදුවූ දරුණු මරු පහරක් විය.

Woman Film maker කාණ්ඩය යටතේ චිත්‍රපට 23ක් තේරී පත්වී ඇති අතර එහි 21 වැනි අවස්ථාවට මෙරට අධ්‍යක්‍ෂවරියක් වූ අනෝමා රාජකරුණා අධ්‍යක්‍ෂණය කරනු ලැබූ Our Mother”Grand Mother (prime Minister Srimavo) චිත්‍රපටය තේරී පත්වී ඇත.

2023 වසර ආරම්භයේ පැවැත්වෙන 21 වැනි ඩකා ෆිල්ම් ෆෙස්ටිවල් උළෙල සඳහා මෙරටින් තේරීපත්වුණු සිනමා නිර්මාණවල අධ්‍යක්‍ෂවරු” නිෂ්පාදකවරු” නළු නිළියන් වගේම කාර්මිකශිල්පීන් රැසක් මෙම උළෙල නියෝජනය කිරීමට සූදානමින් සිටී.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment