ගම්පහ ඝාතන වැලක ගිනි අවියක් පමුණුගමින් මතුවෙයි

516

6 දෙනකුත් අත්අඩංගුවට

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක පසුගිය කාලසීමාවේදී සිදුවූ පාතාල මිනිස් ඝාතන සඳහා යොදාගත් බවට සැක කරන ටී 56 ගිනි අවියක්, පාතාල ප්‍රබලයකුගේ පමුණුගම පිහිටි ඥාති නිවසක සඟවා තිබියදී සොයාගත් පොලිස් විශේෂ කාර්ය බළකාය, එම අවිය සඟවාගෙන සිටි පුද්ගලයන් 06 දෙනකු ද ඊයේ (05 දා) අත්අඩංගුවට ගෙන ඇත.

හීනටියන මහේෂ් නමැති පාතාල නායකයාගේ සමීප ගෝලයකු බව කියන පමුණුගම චූටිපුතා නමැති පාතාල ප්‍රබලයාගේ නැන්දණියගේ නිවසේ සඟවා තිබියදී මෙම අවිය සොයා ගැනීමට හැකි විය.

මිනුවන්ගොඩ, කටුනායක, මීගමුව, ගම්පහ ඇතුළු ප්‍රදේශ ගණනාවක පසුගිය කාලය පුරා පාතාල මිනිස් ඝාතන රැසක් සිදුවූ අතර, එම ඝාතන සඳහා මෙම අවිය යොදාගන්නට ඇති බවට විශේෂ කාර්ය බළකාය සැක පහළ කරයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්‍ෂණය යටතේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් මෙම වැටලීම කර තිබේ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment