යුපුන් ජයග්‍රහණයකින් වසර අරඹයි

329

ඉතාලියේ පැවති ෆිරන්ස් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් මීටර් 200 තත්පර 20.60ක කාලයකින් අවසන් කරමින් එහි රන් පදක්කම දිනා ගැනීමට සමත් වූයේය.

යුපුන් මේ වසරේ සහභාගී වූ පළමු තරගය මෙම මීටර් 200 ඉසව්ව වේ. යුපුන් පසුගිය වසරේ ද මීටර් 200 තරග කිහිපයකට සහභාගී වූ අතර එහි දී තත්පර 20.37ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් එම ඉසව්වේ ජාතික වාර්තාව බිඳ හෙළීමට සමත්ව සිටියේය.

මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවට (තත්පර 9.96) හිමිකම් කියන යුපුන් එම ඉසව්ව තත්පර 10ට අඩු කාලයකින් අවසන් කළ එකම දකුණු ආසියානු ක්‍රීඩකයා ද වේ.

advertistmentadvertistment
advertistmentadvertistment